ඔලිම්පික් තහනම් උත්තේජක ප්‍රශ්නයෙන් ඇමරිකාව – රුසියාව ඇවිළෙයි !

52

15 හැවිරිදි ෆිගර් ස්කේටර් කමිලා වලීවාට අදාළ ශීත ඍතු ඔලිම්පික් උළෙලේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ මතභේදය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව අපරාධ නඩු පැවරීමට එක්සත් ජනපදය සූදානම් බව එක්සත් ජනපද තහනම් උත්තේජක විරෝධී ඒජන්සියේ ප්‍රධානී ට්‍රැවිස් ටයිගර්ට් අද (11) මාධ්‍යයට පවසා තිබේ.
ශීත ඍතු ඔලිම්පික් උළෙල මේ දිනවල චීනයේ බිජිං නුවරදී පැවැත්වෙන අතර මෙම තරගයේ කණ්ඩායම් ඉසව්වේදී එක්සත් ජනපදය පරාජය කිරීම සඳහා ඇය රුසියාව වෙනුවෙන් දක්ෂ ලෙස තරග කරනු දැකිය හැකි විය. කෙසේ වෙතත් වලීවා විසින්, තහනම් කරන ලද ඇන්ජිනා ට්‍රයිමෙටසයිඩින් මත්ද්‍රව්‍ය පසුගිය නත්තල් දිනයේ දී ලබාගෙන ඇතැයි තහවුරු වී තිබිණි. ඒ, ස්වාධීන පරීක්ෂණ ඒජන්සිය මගින් ය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර ස්කේටින් සංගමය සහ ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය රුසියාව විසින් ඇයට මේ උළෙල සඳහා සහභාගි වීමට ඉඩ දීමේ තීරණයට එරෙහිව කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් මීට අදාළ අවසාන තීරණය ක්‍රීඩාව සඳහා බේරුම්කරණ අධිකරණය මගින් ලබාදීමට නියමිත ය.
මේ හේතුව නිසා වලීවා ඇතුළු කණ්ඩායම ලබාගත් රන් පදක්කම අහිමි කළහොත්, මේ ඉසව්වෙන් තම පළමු ඔලිම්පික් රන් පදක්කම ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිවනු ඇත. එහෙත් එක්සත් ජනපද තහනම් උත්තේජක විරෝධී ඒජන්සියේ ප්‍රධානී ට්‍රැවිස් ටයිගර්ට් පවසන්නේ මෙය ක්‍රීඩිකාවන්ගේ වරදකටත් වඩා රුසියානු රාජ්‍ය යන්ත්‍රණයේ තරම පැහැදිලි කරන්නක් බවයි.

 

Previous articleසිනමාවට ඉතිං මම පන හරි දෙනවා – පිච්චර් නොබැලුවෝතින් මගෙ ඇග දනවා
Next articleලංකා e-paper (2022.02.13)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here