ලංකාවේ කොලනි ජීවිතයෙහි විවිධ පැතිකඩෙහි ලිඛිත සාහිත්‍යය ‘කොලනියේ නෑයෝ’

104
‘කොලනියේ නෑයෝ’-උපනන්ද වැලිකල
නුවර දළදා මාළිගාව ආසන්නයේ ඇති ගැරිසන් සුසාන භූමියෙහි ඇති ඇතැම් සුසානයක සටහන් කියවන විට දීර්ඝ කතාවක් වටහාගත හැකිය. එහි ඇති ඇතැම් සුසානයක මිහිදන්ව සිටින්නේ තාරුණ්‍යයේ පසුවූවෙකි. තවෙකක කුඩා බිළි‍ඳකු සහ මවකි. පවුලකි. මේ සියළු මරණ වලට හේතුව මැලේරියාව කොලරා ආදී ව්‍යසනයන්බව කියවෙයි. අප මේ පුද්ගලයන් පොදුවේ හඳුන්වන්නේ සුද්දන් නැතිනම් යටත්විජිත පාලකයන් යනුවෙනි. එහෙත් මේ මරණ පිටුපස ඇති කටුක කතන්දරය වනුයේ ආගන්තුක රටක නව ජීවිතයක් නව පාලනයක් ගොඩ නැගීම පිණිස පැමිණි කොටසකගේ ජීවිතයෙහි ඛේදවාචී තත්වයයි. ආරම්භයේදී වතුවගාවට පැමිණි සමහරුන් කෝපි වැවිලි උදෙසා වනාන්තර සමග කළ සටනින් වේලාසනම පරාජයවී ගොසිනි. සමහරුනට සිය දරු පවුල අහිමිව ගොසිනි. කවර යුගයක වුව කවර අරමුණින් වුව පුරෝගාමී කටයුත්තකට උරදෙන්නන්ගේ ජීවිත තුළ ඇති කටුක ඉතිහාසය කියවන්නට අප උනන්දු විය යුතුය.

මට මේ ගැරිසන් සුසානභූමිය යළි සිහියට ආවේ උපනන්ද වැලිකලගේ කොලනියේ නෑයෝ කෘතිය කියවන විටය. උපනන්ද සිය කෘතිය හරහා එක් අතකින් උත්සාහ දරනුයේ සිය පිය පරම්පරාවට පිදිය යුතු උපහාරයක් පුද කිරීමටය. තම උපන් බිම්වලින් මුල් ගලවාගෙන නාඳුනන පලාතකට පැමිණ කටුක පාරිසරික තත්වයන් යටතේ නව ජීවිතයක් ඇරඹීමට සිය ජවය කැප කල මිනිසුන්ගේ ඒ ව්යාකයාමය හුදු පුද්ගලික සුවපහසුව සහ අනාගතය බලා කළ එකකටත් වඩා රටක ජන ජීවිතයෙහි එක් පිම්මක් බව සමාජයට පැවසීමට උපනන්දට අවශ්යුව තිබේ. ලංකාවේ යටත්විජිත යුගයෙන් ඇරඹී පසුකාලීනව දේශීය පාලකයන්ගේද මැදිහත්වීම් මත ඇති කරන ලද ජනපද ව්යාතපාරය නැතිනම් පොදුවේ අප විසින් කොලනි යනුවෙන් හඳුන්වනු ලබනා වැඩ සටහන ලාංකීය ඉතිහාසයෙහි එක් සුවිශේෂී කඩඉමකි. එක් අතෙකින් අප එංගලන්තයේ කොලනියක් බවට පත්වෙද්දී ඒ කොලනිය තුළ ස්වදේශිකයන් කොලනිගත කිරීම යනු සැබැවින්ම අපේ අවධානයට ලක්විය යුත්තකි. මේ මිනිසුන් සිය උපන්බිම් හැරදා මුළුමනින්ම ආගන්තුක පලාතකට ඒමට කැමති වීම, අලුත් පලාතකට පැමිණ නව ජීවිතයක් උදෙසා දහදිය හෙළීම, එහිදී අනේකවිධ ගැහැටට සහ අසීරුතාවන්ට ලක්වීම පිටුපස ඇත්තේ බරපතල කතන්දරයකි. ලංකාවේ ගොවිජනපද ව්යාීපාරය සහ ඒ හරහා නිර්මාණය වූ නව ජනපද සංස්කෘතිය, එහි උප භාෂා ව්යාවහාරයන්, ගැටුම්, ප්රටතිවිරෝධයන්, ඔවුන් විසින් අලුතින් බිහිකරන ලද සම්ප්රකදායන්, කලා සංස්කෘතික දායාදයන්, රටෙහි ජාතික නිපැයුමට කරන ලද දායකත්වය, ඒ ජනපද ව්යායපාරය හරහා ඇතිවූ නිලධරවාදී සංස්කෘතිය, වෙළඳ පල වෙනස්කම්, ජනපද ව්යාමපාරයට ආවේනික තත්වයන් සහ ගැටලු යන මේ සියල්ල විශාල සමාජ විශ්ලේෂණයකට මහඟු උල්පතකි.
එහෙත් උපනන්ද වැලිකල කරනුයේ එය නොවේ. ඒ වෙනුවට ඔහු තම ඇසින් දුටු කන්තලේ කොලනි දිවිය, එහි පුරෝගාමී පරම්පරාවේ මැදිහත්වීම පිළිබඳ ආදරය සහ ගෞරවය මුසු භක්තියකින් වර්තමාන පරපුරේ දැනුවත්භාවය උදෙසා කතන්දරයක්ද වන නොවන පිවිසුමකින් යළි නිර්මාණය කරයි. ඔහුගේ කෘතිය කිසිදු කම්මැලිකමකින් තොරව කියවාගෙන යා හැකි ලියවිල්ලකි. එහිදී ඔහු තම ළමා , යෞවන තරුණ සහ වියපත් අවධීන් තුල දුටු කොලනි ජීවිතය සහ එහි වැසියාගේ දිවි පුවත ලිඛිත සාහිතයයට ගොනු කරයි. ඒ නිර්මාණය තුළ ඔහු තම පියාගේ පරම්පරාවේ සාමාජිකයන් විසින් අරඹන ලද නව මාවතෙහි පියමැන යන ඊළඟ පරම්පරාවේ සාමාජිකයෙක් ලෙස යුග වෙනසක මං සළකුණු මතු කර දක්වයි.
තමන්හට සියළු සබඳතා ඇති පලාතකින් වෙන්ව වෙනම පලාතක ජීවිතය පිණිස දරුපවුලද කැටුව ඒම යනු කවර තත්වයක් යටතේ වුව එක්තරා විකුමැති තීරණයක්මය. විශේෂයෙන්ම පහසුකම් අවමයෙන් ඇති සමයක, ස්වාභාවික විපත් අනතුරු ගහන කලාපයක නුහුරු දේශගුණ තත්වයන් යටතේ පොලව සමග පොරබැදීමට ගන්නා තීරණය යනු ලෙහෙසියෙන් ගත හැක්කක් නොවේ. ලංකාවේ ජනපද ව්යාකපාර සියල්ලේම පුරෝගාමීන් යනු එක්තරා ආකාරයකින් ගත් කළ අරගලකාරී ජවයක් සහිත පුද්ගලයන් ලෙස සැලකිය හැකිය.
උපනන්ද වැලිකල සිය කෘතිය හරහා කන්තලේ ගොවි ජනපදයේ ඇරඹුම, එහි සමාරම්භකයන්ගේ ජීවන තතු, නව දිවියක රිද්මය කෙමෙන් කෙමෙන් ගොඩනැගෙන ආකාරය කදිමට විස්තර කරයි. ඒ අතර වැඩිහිටි මෙන්ම බාල යන මේ සියල්ලන්ටම නව ජීවිතය සමග ඔට්ටු වන්නට සිදුවූ ආකාරය, ජීවිත සටනෙහිදී කිරීමට සිදුවූ කැපකිරීම්, කොලනි ජීවිතය ඉදිරියට ඇදී යද්දී සමාජ වෙනස්කම් ඇතිවන ආකාරය, ඊළඟ පරම්පරාවේ අධ්යා පන පසුබිම විවිධ ජනශ්ර්ති, ජනපදවාසීන්ගේ ආකල්ප, කන්තලේ සීනි කම්හලෙහි ආරම්භය සමග ඇතිවන වෙනස්කම් ආදී වශයෙන් බොහෝ අතුරු පුවත් ගෙන එයි. විටෙක ඔහුගේ බස සියුම් උපහාසයකින් අලංකාරවත් වෙයි. විටෙක ඉන් දැනවෙනුයේ අනුවේදනීය බවකි. එහෙත් ඒ සියල්ල මැද ඔහු නව ජීවිතයකට අරගල කරනා පරපුරකට හිමි ගරුත්වය නොමසුරුව පුද දෙයි.
උපනන්ද මේ සියල්ල ඉදිරිපත් කරනුයේ කිසියම් සංකා සහගත හැඟීමක්ද දනවමිනි. ඔහුගේ මුළු කෘතිය පුරාම සිය වැඩිහිටි පරපුර කෙරේ වන ගරුත්වය මෙන්ම තමන්ට අද වන විට එදා තිබූ බොහෝ දේ අහිමිව ඇති බවක සංකාවද පල කරයි. විශේෂයෙන්ම ඔහු සිය ළමාවිය සහ යෞවන විය පොහොසත් කල ඒ අවධීය දෙස පහන් හැඟීමකින් විමසයි. ඔහු දකිනුයේ එහි ඇති සුන්දරත්වය ය. ඒ සමගම ඔහු ඒ අතීතය වර්තමානය සමග සංසන්දනය කරන්නටද පෙළඹෙයි. එහිදී ඔහු දකිනුයේ අතීත සුන්දරත්වය වෙනුවට මානව සබඳතා කැඩී බිඳී ගිය වර්තමානයකි. ආරම්භක අවධියෙහි තිබූ ලකුණු දැන් ඇත්තේ මැකී යමිනි. මේ වන විට එදා තිබූ කොලනිය යනු නටබුන් මතින් පමණක් දකිත හැක්කකි. වර්තමාන පරම්පරාව යනු නූතන තාක්ෂණය සමගින් විසිර ගිය සංචාරක පරපුරක් බවට පත්වූ පිරිසකි. එදා වාන් ඇලේ දිය කෙලිමින් තම පරපුර ලද සතුට අද පරපුරට අහිමිය. එසේම ඒ කෙරේ යොමු වන්නට වත්මන් පරපුරට ඉසිඹුවක්ද නැත. උපනන්ද මේ කෙරේ දක්වනුයේ කිසියම් ශෝකය මුසු ආකල්පයකි.
ඒ අතරම ඔහු කොලනි ජීවිතය වෙනස්වීමට බලපෑ විවිධ සාධකයන්ද සිය කෘතියෙහි ගෙනහැර පායි. දේශපාලන ක්රි යාකාරකම්, හැත්තෑ එක සහ අසූනමයේ තරුණ අරගලවල බලපෑම, වාර්ගික ගැටළුව සහ භීෂණකාරී වාතාවරණය, විවෘත ආර්ථිකයේ පැමිණීම, සීනි කම්හලෙහි ආරම්භය සහ එය කෙමෙන් ඇද වැටීම කොලනි ජීවිතයෙහි ඇති කළ කඩතොළු ඔහු වදන්වලට පෙරලයි. එහෙත් ඔහුගේ ලියවිල්ල තුළ ඒ වෙනස්කම් බාරගැනීමට ඔහු තුළ වන සියුම් අකමැත්තද දක්නට ලැබෙයි.
තමන් හට අතිශය සුන්දර ලෙස පෙනෙන සිය ළමාවියේ කොලනි ජීවිතය විස්තර කරන අතරම ඒ කොලනි ජීවිතය පොහොණි කිරීමට සිය පිය පරම්පරාව හෙළු දහදියෙහි බරද එහිලා ඔවුන් විඳි අපමණ දුෂකරතාද වඩාත් පුළුල්ව ඉදිරිපත් කරන්නට උපනන්ද හට හැකිවුණි නම් ඔහු දකිනා සුන්දරත්වය පිටුපස ඇති තවත් ගැඹුරු දිවි සටනක කතන්දරයද පාඨකයාට අත්විඳින්නට ලැබෙනු ඇත.
උපනන්ද අප හමුවෙහි ගෙනහැරපානුයේ සමස්ත ජනපද ව්යානපාරයෙන් එක් ජනපදයක පරිණාමය පිළිබඳවය. විශ්ලේෂණයක් නොව කතන්දරයක ස්වරූපයෙන් ඔහු කරනා ගොඩනැංවීම හේතුවෙන් එය පොදු පාඨකයන් හට රසවිඳින්නට මෙන්ම මෑත එක් යුගයක විශේෂී කලාපයක ජීවිතය ගැන අදහසක් ඇති කරගන්නටද ඉඩ ලබා දෙයි. සැබැවින්ම රචකයාගේ අරමුණය සමාජ විශ්ලේෂණය වෙත බර තබනා කෘතියක් වෙනුවට තම පිය පරම්පරාවට නිසි තැන හිමිකර දීම බව පැහැදිලිය.
‘අපේ තාත්තලාගේ පරපුරේ කොලනියේ නෑයන් පිරිස ජනපදවලට පැමිණ රජයෙන් ඔවුන්ට ලැබුණ සලාක ආහාර වේලෙන් කුඹුරු යායවල මහා මූකලන් කොටා කුඹුරු අස්වද්දා කොලනියේ දෙවන හා තුන්වන පරම්පරාවට පවරාදීමේ කරන ලද මහා උත්තුංග මෙහෙවර කියන්නට ලියන්නට හෝ අසන්නටවත් කෙනකු අද කොලනිවල නැත’ (පිටුවxiv)
ඉදින් ඔහු කරනුයේ ඒ අඩුව පිරවීම පිණිස තමන්ගේ දායකත්වය සැපයීමයි. ලංකාවේ කොලනි ජීවිතයෙහි විවිධ පැතිකඩ මෙසේ ලිඛිත සාහිත්යතයට ගෙන ඒමට ඔහු කළ මැදිහත්වීම වත්මන් පාඨකයා හට අවසන්ව යමින් ඇති යුගයකට පිවිසුමක් සපයනු ඇත.
 – චූලානන්ද සමරනායක 

Previous articleහුදෙක් දත්ත පද්ධතිවලින් බැහැරව සිනමාව විමසන, ‘සිනමාරූපී රචනා’
Next articleවිනී හෙට්ටිගොඩ කාටුන් ‘ ලංකා’ 2022 – 02-13

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here