වියපත් පාලකයන්ගේ ජරපත් මැරකම !

26
පෙබරවාරි 02 වෙනිදා පාන්දර රාගම වෛද්‍ය පීඨයේ නේවාසික වෛද්‍ය සිසුන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල විය. ඒ සඳහා පැමිණි වාහනයක්ද, මැරයකුද අල්ලා පොලිසියට භාර දෙන්නට සිසුහු සමත් වී ඇත. මැරයන් පැමිණි එක් වාහනයක් පොල් සංවර්ධන මණ්ඩලයේ බවත්, අසු වූ මැරයා ඇමැති අරුන්දික ප්‍රනාන්දුගේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙක් බවත් තහවුරු කරගෙන ඇත. එසේම රාජපක්ෂ පවුල සමඟ සමීප ගනුදෙනු සහිත පුද්ගලයකු බවද තොරතුරු සොයාගෙන ඇත. ප්‍රහාරයට සම්බන්ධ 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද, අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද පොලිසියට භාර වූ බව ද වාර්තා විය. මේ සම්බන්ධව එස්. බී. දිසානායක මන්ත්‍රීවරයා සිසුන් පිට වරද පටවා ප්‍රකාශ නිකුත් කරන්නට විය.

මේවා වෙන් වෙන් සිදුවීම් ලෙස පෙනුණත්, සියල්ල එකම ක්‍රියාදාමයක ප්‍රකාශ වීම් බව පැහැදිලිය. ඉතිහාසයේ මෙවැනි අත්දැකීම් ඕනෑ තරම් පවතී. ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. බලයට පැමිණි වහාම තම මැර බලය පෙන්වා වෘත්තීය අරගල මැඬලන්නට විය. ජේ. ආර්. ක්‍රිස්ටෝපර් නම් පාතාලයකු කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහර දීමට එවා ප්‍රතිප්‍රහාරයෙන් ඔහු මිය ගිය පසු පැවසුවේ ක්‍රිස්ටෝපර් ජාතික වීරයකු බව ය.

පසුගිය 30දා ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට මැර කණ්ඩායමක් පැමිණ බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම ද මීට තරමක් වෙනස් වුව ද, එයට ද ආණ්ඩුවේ දේශපාලන සම්බන්ධයක් පවතින බව පැහැදිලිය. මෙසේ පැමිණි මැර කණ්ඩායම ඇවන්ගාඩ් ආයතනයේ සේවය කරන පිරිසක් බවට පැහැදිලි තොරතුරු ලැබී ඇත. එසේම අසු වූ දෙදෙනා තමන් ඇමැති ප්‍රසන්න රණතුංග හඳුනන කෙනකුගේ උපදෙස් මත කටයුතු කළ බව පවසා ඇත. ඇවන්ගාඩ් හිමිකරු ආණ්ඩුවේ ඇමැතිවරුන්ටත් ඉහළින් ආණ්ඩුවේ කටයුතු කරන්නකු බව රටම දනී. ආණ්ඩුවට ආරක්ෂාව සම්බන්ධ විශාල වැඩපිළිවෙළක් ඇති බව නිතරම කියන බැවින්, මෙම ප්‍රහාරයට පැමිණි 16 දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම අපහසු විය නොහැකිය. එහෙත්, මීට පෙර මෙවැනි සිදුවීම් පිළිබඳ පවතින අත්දැකීම වන්නේ ආණ්ඩුවට එරෙහි පාර්ශ්වයන්ට අදාළ සිදුවීම් කිසිවක විමර්ශන නිසි පරිදි සිදු නොවී යටගැසීමයි.
එසේම පසුගිය ජනවාරි 19දා ජනතා විමුක්ති පෙරමුණ කොළඹ දී පැවැත්වූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකිණීමට එරෙහි උද්ඝෝෂණ පෙළපාළියට ද මෙවැනිම බිත්තර ප්‍රහාරයක් එල්ල විය. එයට ද ඇවන්ගාඩ් ආයතනයේ පිරිසක් සම්බන්ධ වී ඇති බවත්, ඒ පිරිසගේ නාමලේඛනයත් ජවිපෙ පාර්ශ්වයෙන් හෙළිදරවු කර ඇත. එහෙත් මේ සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
මෙම බිත්තර ප්‍රහාර ආණ්ඩු විරෝධීන්ට එරෙහිව ජනතාව විසින් එල්ල කරන ප්‍රහාර ලෙස පෙන්වීමට ආණ්ඩුවේ මාධ්‍ය හා ආණ්ඩුවේ මැති ඇමැතිවරු බොළඳ උත්සාහයක නිරත වනු දැකිය හැකි විය. ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා මෙහෙයවන කිසිදු මාධ්‍ය සදාචාරයක් නොමැති පෙරවරු වැඩසටහනක දී පුන පුනා මේ බව තහවුරු කිරීමට උත්සාහ කරනු අසන්නට ලැබිණි.
මේවා වෙන් වෙන් සිදුවීම් ලෙස පෙනුණත්, සියල්ල එකම ක්‍රියාදාමයක ප්‍රකාශ වීම් බව පැහැදිලිය. ඉතිහාසයේ මෙවැනි අත්දැකීම් ඕනෑ තරම් පවතී. ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. බලයට පැමිණි වහාම තම මැර බලය පෙන්වා වෘත්තීය අරගල මැඬලන්නට විය. ජේ. ආර්. ක්‍රිස්ටෝපර් නම් පාතාලයකු කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහර දීමට එවා ප්‍රතිප්‍රහාරයෙන් ඔහු මිය ගිය පසු පැවසුවේ ක්‍රිස්ටෝපර් ජාතික වීරයකු බව ය. තම පාලන කාලයේ අවසන රට අරාජික කළේය. ලේ වැකි මර්දනයක් දියත් කළේය. ජනාධිපති ආර්. ප්‍රේමදාස ඒ මඟම ගමන් කළේය. චන්ද්‍රිකාද, රනිල්ද, මහින්දද ජනතා විරෝධයන්ට මුහුණ දුන්නේ එලෙසින්ය. ගෝඨාභය පාලනය ද දැන් එලෙසම බව ඔප්පු කරමින් සිටී.
සැබැවින්ම අද වනවිට ජනතාව අතරට යා නොහැකිව ඇත්තේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටය. සෑම තැනකම ජනතාව ඔවුන්ට ප්‍රසිද්ධියේම විරෝධය පාති. ජනාධිපතිවරයාට ද හූ කියති. පසුගිය 01දා කැමරා ද අටවාගෙන මඟීන්ගේ සුවදුක් විමසීමට කියමින් බස්රථවලට ගොඩවීමට ගිය රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාට ද එවැනි විරෝධයක් එල්ල විය.
පවතින ක්‍රමයේ අර්බුදය වර්ධනය කරනු මිස මෙම පාලකයන්ට එයට විසඳුම් නැත. දැනට වසර දෙකකට වැඩි රාජපක්ෂ පාලනය නැවතත් එය මොනවට ඔප්පු කොට හමාරය. අසමත් පාලකයන් සැම විටම විශ්වාසය තබන්නේ ජනතාව පිළිබඳව නොව මැර බලය පිළිබඳවය. ඒ තව දුරටත් ජනතා විශ්වාසය රැකිය නොහැකි නිසා ය. දැන් රාජපක්ෂලා නැවතත් පාවිච්චි කරන්නේ එම මැරකම මය. සැබෑ බලය පවතින්නේ ජනතාව අත ය. සංවිධානය වූ ජනතාවක් බියගැන්විය නොහැකිය. එවන් බලයක් අත්තනෝමතික පාලනවලට එරෙහිව මහා පවුරක් වැනිය.
මැරයන් අල්ලා ඔවුන් පරාජය කරන්නා සේම එයට වඩා ප්‍රමුඛ වන්නේ මේ මැර බලයෙන් ආරක්ෂා වන පාලක පන්තිය පරාජය කිරීමයි. අසමත් යල්පැන ගිය සමාජ ක්‍රමය වෙනස් කිරීමයි. වෙනස්ව සිතන්නට පටන් ගන්නා ජනතාවක් වියරු පාලකයන්ගේ දුබල ගර්ජනවලට බිය වන්නේ නැත. ජනතාව විසින් පාලකයන් බියගන්වනු ඇත. අවසන පරාජය කරනු ඇත. එතෙක් මේ බිත්තර පන්දු කෙළියෙන් ගඳ ගසන්නේ පවතින පාලනයමය●
 
 
 

Previous articleබැසිල් හැංගූ අයි.එම්.එෆ්. රහසිගත යෝජනා මොනවා ද?
Next articleආයිබොවන්ඩ BR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here