OPPO වෙතින් Zero-Power Communication ගැන ධවල පත්‍රිකාවක්

80

දෙසැම්බර් 3, 2021 2021 SHENZHEN – OPPO සමාගම පසුගිය දා, බැටරි භාවිත නොවන, රැහැන් රහිත සංඥා මඟින් බලගැන්වෙන Zero-Power Communication අනාගත සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ය. ෂදඔ අවකාශයේ මෙතෙක් ඉටු නොවූ අවශ්‍යතා හඳුනා ගනිමින්, අනෙකුත් සන්නිවේදන තාක්ෂණයන් හා සමගාමීව පවතින ආකාරයට ‘Zero-Power Communication’ තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා සැලැසුමක් නිර්මාණය කිරීම මෙම ධවල පත්‍රිකාවේ අරමුණ වී තිබේ.
වර්තමානයේ ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග බහුතරයක බැටරි භාවිත වේ. බැටරි තාක්ෂණය මේ වන විට විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇති නමුත් ප්‍රමාණය, වියදම, ආයු කාලය, භාවිතයේ පහසුව සහ පරිසර හිතකාමීත්වය යනාදිය සම්බන්ධ ගැටලු රාශියක් තවමත් පවතී.
Zero-Power Communication  තාක්ෂණය තුළ දී පරිසරයේ පවතින රේඩියෝ තරංග මඟින් බලශක්තිය නිපදවා ගැනෙන නිසා බැටරි භාවිත කිරීම අවශ්‍ය නොවන අතර, ප්‍රමාණයෙන් කුඩා, කාර්යක්ෂමතාව අතින් ඉහළ, වියදම් අඩු ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කළ හැකි වේ. මෙම තාක්ෂණය ගබඩා කටයුතු, කාර්ය සම්පාදනය සහ කෘෂිකර්මාන්තය වැනි කෂේත්‍ර මෙන්ම, ස්මාර්ට් නිවාස, ඉලෙට්‍රොනික පළඳනා සහ අනෙකුත් අතිනවීන තාක්ෂණික උපාංග දියුණු කිරීම සඳහා අතිශයින් වැදගත් වනු ඇත.
“ජංගම සන්නිවේදන ක්ෂේත්‍රය එහි පළමු පරම්පරාවේ සිට සතරවැනි පරම්පරාව කරා පැමිණීමේ දී එය ඇනලොග් භාවිතාවන්ගේ සිට දත්ත හරහා බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය වෙත පැමිණ තිබෙනවා. මේ සෑම පරිවර්තනයක දීම දත්ත සම්ප්‍රේෂණය වඩාත් වේගවත් වූවා. කෙසේ වුවත්, ඊ ළඟ දශකය තුළ 5G තාක්ෂණය සහ ඉන් ඔබ්බට සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන තාක්ෂණික දියුණුව තුළ දත්ත සම්ප්‍රේෂණයට සුපුරුදු ප්‍රමුඛත්වය හිමි වනු ඇතැයි අප සිතන්නේ නැහැ. ඒ වෙනුවට සමස්තයක් ලෙස සමාජයට වැඩි පහසුවක් සහ වැඩි තිරසාරත්වයක් ළඟා කර දීමට වැඩි අවධානයක් යොමුවේවි.
Zero-Power Communication තාක්ෂණය මඟින් නිෂ්පාදකයන්ට තම උපකරණවලට බැටරි ඇතුළත් කිරීමේ අවශ්‍යතාව නැති වී යනවා. මෙය වියදම් අවම කරන සහ වඩාත් පරිසර හිතකාමී වන සාධකයක්. එම නිසා, B5G/6G යුගය වෙත පිවිසීමේ දී මෙම තාක්ෂණය අපගේ අවධානයට දැඩිව යොමු වන එක් අංශයක් බවට පත්වේවි.” OPPO ප්‍රධාන 5G විද්‍යාඥ හෙන්රි ටෑන්ග් පැවසී ය.
දැනට පවතින තාක්ෂණය තුළ සන්නිවේදන දුර ප්‍රමාණය සීමිත වීම මෙන්ම කාර්යක්ෂමතාව සහ පද්ධති ධාරිතාව අවම වීම වැනි ගැටලු පවතී. එම නිසා RFID (Radio Frequency Identification) තාක්ෂණය කාර්මික සංවේදක පද්ධති, කාර්ය සම්පාදනය, ගබඩාකරණය සහ කුඩා පළඳනා නිෂ්පාදනය ආදිය සඳහා භාවිත කිරීමේ දී විවිධාකාර වූ අභියෝග මතු වේ.
සාම්ප්‍රදායික උපාංග මෙන් නොව, Zero-Power තාක්ෂණය භාවිත වන උපාංගවලට රූපවාහිනී කුලුනු, FM ගුවන්විදුලි කුලුනු, ජංගම දුරකථන මධ්‍යස්ථාන සහ WiFi access points ආදිය මඟින් නිකුත් කෙරෙන ගුවන්විදුලි තරංග සිය බලශක්ති මූලාශ්‍රය ලෙස භාවිත කිරීමට හැකියාව ඇත. මෙම ගුවන්විදුලි තරංග මඟින් බලශක්තිය ලබා ගැනීමෙන් අනතුරුව, එම තරංගවලට තම තොරතුරු එක් කර නැවත සම්ප්‍රේෂණය කිරීමට මෙම උපාංගවලට හැකියාව ඇති අතර, එම ක්‍රියාවලිය Backscattering Communication ලෙස හැඳින්වේ●
 

පුෂ්ප එපිටකඩුව
Previous articleරාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීමට පැමිණි සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
Next articleයදින සිඟමනට විසඳුම් කෝ…?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here