කිලිනොච්චිය, ඉරණමඩු ප්රදේශයේ වැලි කැණීම් කටයුතු හේතුවෙන් ඉරණමඩු ජලාශය දැඩි අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ.
ඉරණමඩු ජලාශය ආශ්රිත ප්රදේශවල මෙම අනවසර වැලි කැණීම් කටයුතු සිදු වන අතර මෙම පරිසර විනාශය හේතුවෙන් අනාගතයේ දී ඉරණමඩු ජලාශයට ද විශාල තර්ජනයක් එල්ල විය හැකි බව එම ප්රදේශවල ධීවර ජනතාව හා ගොවි ජනතාව පවසති.
මෙම වැලි කැණීම් පිටුපස ඇතැම් ප්රාදේශීය දේශපාලකයන් සිටින බවත්, ඔවුන් කුමන පක්ෂයක සිටිය ද, ආණ්ඩුවේ අනුදැනුම මත වැලි කැණීම, වනාන්තර හෙළි කිරීම සහ දඩමස් ජාවාරම වැනි කටයුතුවල නිරත වන බවත් එම ජනතාව පෙන්වා දෙති
මේ සම්බන්ධයෙන් ඉරණමඩු ජලාශය ආශ්රිත ගම්මානවල ප්රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ පරිසර විනාශය නවතා දැමීම සඳහා වහා මැදිහත් වන ලෙසයි●