ඔබ අපේ සංස්කෘතික ජීවිතයට තිළිණ කල සියලු කලා නිර්මාණයන්ට ස්තූතියි

11

බුද්ධි අයියා ලංකා භූමියෙන් සදහටම නික්ම යාමේ ශෝකී ආරංචිය නෙත ගැටුනේ බුද්ධික ජයරත්න සහෝදරයා ගේ සටහනකින්. ඒක්ෂණයෙන් ඇතිවුණේ විශාල රික්තකයක් වැනි හැඟීමක්. මොහොතකට කලින් ඔහු සමග කල විනාඩි 15 ක පමණ සංවාදයෙන් පසුව වුව ඒ රික්තකය නොපිරි නිසා එය අකුරු වලට පෙරලන්න හිතුවා.
බුද්ධි අයියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක්. ටෙලි හා චිත්‍රපට නිරූපණ ශිල්පියෙක් ලෙස අපේ මනසේ නොමැකෙන අයුරින් තැන්පත්වූ ඔහු අපට කලින් පරම්පරාවේ රූපවාහිනී පූරකයෙක්. පසු පරම්පරාවට අයිති අප කරන කියන දේ දෙස දුරසිට බලාසිටින බුද්ධි අයියා හමුවූ විටෙක අපේ කටයුතු අගයන්නටත් අඩුපාඩු සෞම්‍ය ලෙස පෙන්වා දෙන්නටත් ඉදිරිපත් වන්නේ යහපත් චේතනාවෙන්.
සවිංඥානික සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ ඔහු තමන්ගේ කලාභාවිතාව තුල එය හැකිපමණ නිරූපනය කලා යන්න අපගේ හැඟීම. නිදහසට පෙර ජන්ම ලාභය ලත් ඔහු මේ රට දශක හතක් පුරා විනාශයට ඇදගෙන ගිය අයුරු ඇසින් දුටු සාක්ෂිකරුවෙක්. ඒ විනාශගාමිත්වයෙන් රට ගොඩ එනවා දකින්න හීන දැක්ක කෙනෙක් පමණක් නොව ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව සිපිරි ගෙවල් හරහා සිය ජීවන යාත්‍රාව පැදවූවෙක්.
බුද්ධි අයියා හෙට ලංකා භූමියෙන් මුල් උදුරාගෙන ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වන්නේ ස්ථිර පදිංචිකරුවෙකු ලෙස. ඔහුගේ පුතා, අපේ මිතුරා සිද්ධාර්ථ ඔහුව පිලිගන්න එහි බලාගෙන ඉන්නවා.
සුබ ගමන් කියා වචනාර්ථයෙන් පැතුවත් බුද්ධි අයියේ, අප සිරකොට ඇති සමාජ දේශපාලන අවකාශයේ ඔබෙන් හිස්වන තැන අපේ හදවතේ මේ මොහොතේ ඇතිවන රික්තකයට සමානයි. ඒක අපේ ඉදිරි කෙටි දිවිය තුල නොපිරේවි. එසේ වුවද මේ ගෝත්‍රික සිරකුටියෙන් ජීවිතයේ අවසානභාගයේ හෝ මිදෙන්න ලැබීම ඔබේ වාසනාවක්. නමුත් ප්‍රියයන්ගෙන් වෙන්වීම හා එහි වේදනාව කියන්නේ මේකට තමයි.
දරු මුණුපුරන් සමග ඉදිරිය සතුටින් ගෙවන්න. ඔබ අපේ සංස්කෘතික ජීවිතයට තිළිණ කල සියලු කලා නිර්මාණයන්ට ස්තූතියි

– කපිල එම්.ගමගේ

මේ මෙරටින් සමුගන්නා බුද්ධදාස විතානාරච්චි වෙනුවෙන් ප්‍රියන්ත කොඩිප්පිලි ලියන ලද කවි සටහනක්

දුකක් මට නම් නොමැත ඔබ මෙහෙන් යද්දී
කරපු වැඩ ටිකත් ඇති ඔබ මෙහේ ඉද්දී
සිහිවෙන්න ඔබේ ගැන ඇත එමට සිද්ධී
අරගත්තු තීන්දුව බුද්ධිමත්      Buddhi

– ප්‍රියන්ත කොඩිප්පිලි

Previous article‘නිධන් දූවේ ළමා වික්‍රමය’ ලියන O/L සිසුවා යොහාන් ආකාශ්
Next articleඈෂ් බාර්ටි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරියවේ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here