කොවිඩ් අවදානම යලි උග්‍ර අතට හැරෙමින් අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1056ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම පිරිස අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුද වෙයි.
ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 610,103ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර තවත් කොවිඩ් මරණ 20ක් ඊයේ (29) දිනයේ සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ 20 අතර අවුරුදු 30ට අඩු පුද්ගලයින් 3 දෙනෙකු ද වාර්තා වෙයි.