“මහින්දගේ මුදල් සොරකම් කිරීම මහා ජලාශයකින් දිය දෝතක් ගත්ත වගේ කියල දැනෙනවා ඇති”

23

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නමින් 1989 වසරේදී ලංකා බැංකුවේ පාර්ලිමේන්තු ශාඛාවේ විවෘත කරන ලදුව තිබූ ගිණුමකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිතයෙකු විසින් වංචාකර ඇති බව පුවත්පත් අද (26) වාර්තාකර තිබුණි.
මේ පිලිබඳ අද මාධ්‍යට අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පැවසුවේ මෙවන් අදහසකි. “අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේ ඉඳල. මෙම ගිනුවේ මුදල් අරගන්නේ නැතුව එක ගිණුමකට බැර කරලා ටික ටික එකතුකරලා රුපියල් කෝටි තුනහමාරක පමණ මුදලක් ඉතිරිකරගෙන තිබිල තියනවා. මේ විදිහට රටේ මුදල් කාබාසිනියා නොකර අරපිරිමැස්මෙන් පරිහරණය කළා නම් රටේ භාණ්ඩාගාරය පිරිලා මේ වෙනකොට. අපේ රටේ අගමැතිගේ ගිණුමෙන් ලක්‍ෂ ගානක් ගත්තත් එතුමාට දැනිල නෑ. ඒ නිසා මේ මුදල් වංචා කළ එතුමාගෙම පෞද්ගලික ලේකම් වරයා කියල සැක කරන කෙනා හිතන්න ඇති මෙතරම් මෙතරම් ධනයක් ගොඩගැසිලා තියෙන්නේ ඇයි අපරාදෙනෙ කියල ගන්න ඇති. මහා ජලාශයකින් වතුර දෝතක් ගත්ත වගේ කියල මහින්ද රාජපක්ෂ මහත්තයට මේ මුදල් අහිමිවී ගැන දැනෙනවා ඇත්තේ.”
කෙසේවෙතත් රටම දැනගත්තද අග්‍රාමාත්‍යවරයාගේ වැඩිමහල් පුත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ, මෙම වංචාව සම්බන්ධයෙන් තමන් නොදන්නා බවය.
අග්‍රාමාත්‍යවරයාගේ නමින් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් මෙලෙස ඔහුගේ ළගම සිටි නිලධාරියෙකු වසර 6ක කාලයක සිට වරින්වර වංචනික ලෙස ලබාගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෙම නිලධාරියා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හිටපු කථානායකරවයෙකුගේ පුත්‍රයෙකු බවද මාධ්‍ය වාර්තා කරයි.
මේ කාරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ තොරතුරු වාර්තා කර ඇත්තේ එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයාගේ ATM කාඩ්පත උපයෝගී කරගෙන මෙම මුදල ලබාගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ,
“තාත්තාගෙන් තමයි අහන්න ඕනේ..එහෙම දෙයක් සිදුවෙලා තියෙනවා ද කියලා. මං දන්න හැටියට එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් තාත්තාගේ සල්ලි ගන්නේ පුතාලා නේ. මේක වෙන කෙනෙක් අරන් කියලා තමයි
කියන්නේ.”

Facebook

Previous articleමහ බැංකු ඉතිහාසයේ අච්චු ගැසූ මුළු මුදල මෙන් 20 ගුණයක් මාස 25 ට අච්චු ගහලා
Next articleදැනුණෙ නෑ මරණයක් ගිය ටිකේ ඔබෙ විතර – පතී ඔබ සමුඅරන් හෙටයි අවුරුදු හතර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here