ණයට කෑම හෙවත් ලයින් ඔෆ් ක්‍රෙඩිට්

47
ආදායම් මාර්ග සකස් කර ගැනීම වෙනුවට, තියෙන සබ්බ සකලමනාවම අත්‍යවශ්‍ය නොවන අනවශ්‍ය දේ වෙනුවෙන් වියදම් කරන මිනිසුන් අප ඕනෑ තරම් දැක තිබෙනවා. ඒ වගේම අතේ සතේ නැති නමුත්, පම්පෝරියට සාද පවත්වන අය ද අප දැක තිබෙනවා. එදිනෙදා වියදමට අවශ්‍ය මුදල පවා සපයා ගැනීමට නොහැකි වූ විට  මෙවැනි මිනිසුන්, බොහෝ විට සිදු කරන අවසාන දෙය වන්නේ එම මුදල ලබා ගැනීමට ණය ගැනීමේ මාර්ගයක් සෙවීමයි.

මුලින්ම යොමු වන්නේ සාම්ප්‍රදායික ස්ථාවර හෝ විචල්‍ය පොලී අනුපාත යටතේ ණයක් ලබා ගැනීම සඳහා බැංකුවක් වෙත යෑමයි. එසේ නොමැති නම්, ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිත කිරීමයි. නැති නම්, මිතුරන්ගෙන් හෝ පවුලේ අයගෙන් හෝ ණයට මුදල් ලබා ගැනීමයි.  සම වයසේ මිතුරකුගෙන් හෝ සමාජයේ ණය දෙන පුද්ගලයකු වෙත යෑමයි. එසේත් නොමැති නම්, හදිසි අවශ්‍යතාව අනුව ගිනි පොලීකරුවකු වෙත හෝ යෑමයි.

ඉතිහාසයේ මින් පෙර නොවූවිරූ මූල්‍ය අර්බුදයකට ලංකාව මුහුණ දී සිටී. එය සමාජයේ සියලුම ස්ථරවල පැවැත්ම බරපතළ ලෙස අභියෝගයට ලක් කර ඇතත්, කිසිදු සාර්ථක පිළිතුරක් ආණ්ඩුව සතුව නැත. එදාවේල පිරිමසාගැනීම සඳහා ණය වීම ආණ්ඩුවේ එකම ජීවන මාර්ගය බවට පත්ව තිබේ. ‘ලයින් ඔෆ් ක්‍රෙඩිට්’ යනු, නම්බුකාර ලෙස එය හඳුන්වන නාමයයි.

කෙසේ වෙතත්, මුදල් නොමැතිකම හොඳින් දන්නේ නම්, අදාළ පුද්ගලයාට එම ණය මුදල ගෙවීම ලෙහෙසි පහසු නොමැති නම් හෝ කිසියම් සැකසංකාවක් තිබේ නම්, මේ කිසිවෙක් ලෙහෙසියෙන් ඔහුට ණය ලබා දෙන්නේ නැහැ. අපේ රටට දැන් සිදුව තිබෙන්නේ ද මෙවැනිම අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමටයි. දැන් අපට එදිනෙදා අවශ්‍ය කරන වියදම් ටික පවා පියවා ගැනීමට මුදල් නැහැ. මාසයකට අවශ්‍ය බඩු ටික අරගන්න ඩොලර් බිලියන දෙකක් අවශ්‍ය වුණත්, ඒ මුදල් අපට නැහැ. ඒ නිසා දැන් සිදුව තිබෙන්නේ ජීවත්වීම සඳහා අසල්වැසියාට අතපෑමටයි.  පසුගිය සතියේ ඉන්දියාව විසින් ප්‍රකාශ කරන ලද ණය මාර්ගයක් (Line of Credit – LOC) ඔස්සේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් අපේ රට ලබා ගත්තේ මෙම ණය ක්‍රමය යටතේයි.

මොකක්ද මේ Line of Credit කියන්නේ?

කාරක ප්‍රාග්ධන (Working Capital) අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බොහෝ විට රටවල් මෙන්ම ආයතනත් මෙවැනි ණය ක්‍රම නැතිනම් Line of Credit  භාවිත කරනවා. හරියට මේක අතමාරුවක් කර ගන්නවා හා සමානයි. සිය දෛනික වියදම සපුරා ගැනීමට නොහැකිව අසරණව සිටින අවස්ථාවල මෙම ණය ක්‍රමය භාවිත කර මුදල් ලබා ගන්නා අතර, එමඟින් අදාළ දෛනික අවශ්‍යතාව සම්පාදනය කර ගන්නවා. එසේම ඇතැම් රටවල් හෝ සමාගම් හෝ පුද්ගලයන් හදිසි ආයෝජන කටයුතු සඳහා මඳි වන මුදල් සම්පාදනය කර ගන්නේ ද මෙම Line of Credit භාවිත කරමිනුයි.
‘ණය රේඛාවක්’ නැතිනම් ලයින් ඔෆ් ක්‍රෙඩිට් යනු බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ලැබෙන නම්‍යශීලී ණයක්. බොහෝ දුරට මෙවැනි ණය ලබා දීම සඳහා රජයන් විසින් ද කටයුතු කරනු ලබනවා. කෙසේ වෙතත්, ඒ සඳහා සම්බන්ධ කරන්නේ අදාළ ණය දෙන රටේ මූල්‍ය ආයතනයක්. එකඟ වූ සීමිත අරමුදල් ප්‍රමාණයක් පිරිනමන මෙම ණය උපකරණය ඇත්තෙන්ම ක්‍රෙඩිට් කාඩ් පතකට සමානයි. ලයින් ඔෆ් ක්‍රෙඩිට් එකක දී සිදු වන්නේ කිසියම් රටකට අවශ්‍ය, කලින් තීරණය කරන ලද මුදල් ප්‍රමාණයක් ලබා දීමක්. නිශ්චිත කාලසීමාවක් තුළ මෙය ආපසු ගෙවිය යුතු වෙනවා. ඒ වාගේම මෙයට සැලැකිය යුතු පොලියක් ද අය කරනවා.
එමෙන්ම මෙම ණය මුදල මුදාහැරිය පළමු මොහොතේ සිටම අදාළ පොලිය ගෙවිය යුතුයි. බොහෝ විට අදාළ රජය ලබා දෙන  ඇපයක් මත මෙවැනි මුදල් අදාළ මූල්‍ය ආයතන විසින් මුදාහරිනු ලබනවා. මොකද? අපේ වගේ රටක් ගත්තහම ණය ශ්‍රේණිගත කිරීමේ දී පහළම තැනක ඉන්න නිසා එවැනි ඇපයක් නොමැතිව අදාළ මූල්‍ය ආයතන ණය මුදල් ලබා දෙන්නේ නැහැ. ඒ මොක ද? ගෙවන්න බැරි වෙයි කියන බයට. ඉතින්, මේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ලබා දුන්නේත් ඒ අයුරින්ම තමයි.

Line of Credit හෙවත් ඉන්දියාවේ ආයෝජන

පසුගිය දශකයක කාලය තුළ විදේශීය රටවල් වෙත ඉන්දියාව විසින් සහාය දක්වන ලද ණය රේඛා රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන් දකුණු ආසියානු රටවලට මෙන්ම අප්‍රිකානු රටවල් රැසක් වෙත මේ ආකාරයට ලයින් ඔෆ් ක්‍රෙඩිට් පහසුකම් විටින්විට ඔවුන්  සපයා තිබෙනවා. මෙම ණය රේඛාව යනු කිසිසේත්ම ප්‍රදානයක් නොව සංවර්ධනය වෙමින් පවතින රටවලට එම රටවල හදිසි අවශ්‍යතාව පරිදි සැලැකිය යුතු පොලී අනුපාත මත සපයනු ලබන ‘මෘදු ණයක්’ ලෙස හැඳින්විය හැකියි.
එම ණය ගන්නා රජය විසින් අදාළ ගෙවිය යුතු දිනට නිවැරැදිව එය ආපසු ගෙවිය යුතුයි. බොහෝ දුරට මෙම ණය කෙටිකාලීන වන අතර, මධ්‍යකාලීන ණය දීම් ද දැකිය හැකියි. කෙසේ වෙතත්, මෙවැනි ණය ලබා දීමේ දී විශේෂයෙන් ඉන්දියාව විවිධ කොන්දේසි ඉදිරිපත් කරනවා. ඒ අතර අදාළ ණය මුදලේ වටිනාකමෙන් 75%ක්වත් භාණ්ඩ හා සේවා ඉන්දියාවෙන් මිල දී ගත යුතුයි. ඒක ප්‍රධාන කොන්දේසියක්. මොහොතක් හිතන්න, ගමේ කඩේ මුදලාලි කාට හරි ණයක් දෙන්නේ වෙනත් කඩයකින් ගෙදරට අවශය බඩු ටික මිල දී ගන්න නෙමෙයි. අනිවාර්යයෙන්ම මුදලාලිගේ කඩෙන්ම ඒවා මිලට ගත යුතුයි. ඒ වගේම ඒ කඩේ නැති දේවල් තියෙනවා නම්, ඒවා මිල දී ගන්න කිසියම් සහනයක් ඔහු ලබා දෙනවා. ඉන්දියාව මෙතැන දී කරන්නේත් මේ ගමේ මුදලාලිගේ වැඩේමයි.
ඇත්තටම ඉන්දියාව මෙම ලයින් ඔෆ් ක්‍රෙඩිට්වලින් සිදු කරන්නේ  ඉන්දියානු භාණ්ඩ හා සේවා අපනයන ප්‍රවර්ධනය කිරීමට ඒ රටේ නිෂ්පාදකයන්ට උපකාර කිරීමයි. LOC යටතේ ඔවුන් විවිධ රටවල කෘෂිකාර්මික, යටිතල පහසුකම්, ටෙලිකොම්, දුම්රිය, සම්ප්‍රේෂණ, බලශක්ති, ප්‍රවාහන ආදී විවිධ ක්‍ෂේත්‍ර වෙත මේ ආකාරයට ණය ලබා දෙනවා. ක්‍ෂේත්‍රය තීරණය කරන්නේ ඒ මොහොතේ ඉන්දියාව විසින් ප්‍රවර්ධනය කරමින් සිටින භාණ්ඩ හා සේවාව අයත් වන ක්‍ෂේත්‍රය මතයි. දැන් අපට වෙලා තියෙන්නේත් මේකමයි.

ඉන්දියාවේ භු දේශපාලන උපාය  සහ Line of Credit

ඉන්දියාව විවිධ රටවලට ලබා දෙන LOC ව්‍යාපෘති සැබෑ ලෙසම ක්‍රියාත්මක කිරීම රඳාපවතින්නේ ඉන්දියාවට අදාළ වන පවතින භූ දේශපාලන සහ සමාජ ආර්ථික තත්ත්වයන් මතයි. ණය ලබා ගන්නා රජයන් විසින් ව්‍යවස්ථාපිත නිශ්කාෂණ හා අදාළ නීතිරීති, ඉඩම් සහ වෙනත් යටිතල පහසුකම් අත්පත් කර ගැනීමට සහාය ලබා දීම වැනි දේශීය සාධක මෙහි දී විශේෂයෙන් සලකා බලනවා. එහි දී මේ වන විට අපේ රටට ලබා දෙන මෙවැනි ණයවල ප්‍රධාන කොන්දේසියක් වී තිබෙන්නේ චීනයට එදිරිව යමින් ඉන්දියාවට මෙරට තුළ ස්ථානගත වීමට අවශ්‍ය උපායමාර්ගික ආයෝජනවලට ලබා දෙන ඉඩකඩ මතයි. ඒ නිසා නියත ලෙසම මෙම ණයවල කොන්දේසි ඉතාම භයානක වීම වළකාලිය නොහැකියි.
පසුගිය වසරේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වුණා. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන සඳහා ඩොලර් බිලියනයක ණය මාර්ගයක් (ine of Credit) සහ දැනට මුහුණ දී ඇති ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ඛනිජ තෙල් ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක ණය මාර්ගයක් (Line of Credit)  මෙම සංචාරයේ දී ඔහු ඉල්ලා ඇත. පසුගිය සතියේ මෙරටට ලැබුණ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 වන්නේ එයයි.
එමෙන්ම ඉන්දියානු සංචිත බැංකුවේ සාර්ක් මූල්‍ය ගිවිසුම යටතේ ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකමක් (ීඅ්ච) සඳහා ද සාකච්ඡාවක් මෙහි දී සිදුව තිබෙනවා. මේ අනුව Line of Credit හරහා මෙලෙස ලබා ගැනීමට යන මුළු ණය මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් බව පැහැදිලියි. මේ මුදලම ලබා ගත්ත ද අපට ප්‍රමාණවත් වන්නේ මසකට අවශ්‍ය වන ආනයන සඳහා පමණයි. එබැවින්, මෙවැනි Line of Credit නැවත නැවතත් ආරම්භ කිරීමට සිදු වීම වැළැක්විය නොහැකියි. ඒ නිසා අප සිතනවාට වඩා මෙම තත්ත්වය ඉතා බැරෑරුම් අඩියකයි පවතින්නේ.
විදේශ විනිමය ඉපැයීමට අදාළව කිසිදු සාධනීය කාර්යයක් සිදු නොකර මෙලෙස බේබදු තාත්තකුගේ භූමිකාව ආණ්ඩුව ඉටු කරමින් සිටීම මෙරට ජනතාව නිවැරැදි ලෙස තේරුම්ගෙන ඇත් දැයි බරපතළ සැකයක් පැනනඟී. නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා සිදු කළ රාජාසන කතාවේ ද මෙම අභියෝගය පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීමෙන් රට කරවන ඔවුන්ට ද මේ ගැන අවබෝධයක් නොමැති බව මනාව තහවුරු කෙරෙනවා. ●රඳාපවතින්නේ ඉන්දියාවට අදාළ වන පවතින භූ දේශපාලන සහ සමාජ ආර්ථික තත්ත්වයන් මතයි. ණය ලබා ගන්නා රජයන් විසින් ව්‍යවස්ථාපිත නිශ්කාෂණ හා අදාළ නීතිරීති, ඉඩම් සහ වෙනත් යටිතල පහසුකම් අත්පත් කර ගැනීමට සහාය ලබා දීම වැනි දේශීය සාධක මෙහි දී විශේෂයෙන් සලකා බලනවා. එහි දී මේ වන විට අපේ රටට ලබා දෙන මෙවැනි ණයවල ප්‍රධාන කොන්දේසියක් වී තිබෙන්නේ චීනයට එදිරිව යමින් ඉන්දියාවට මෙරට තුළ ස්ථානගත වීමට අවශ්‍ය උපායමාර්ගික ආයෝජනවලට ලබා දෙන ඉඩකඩ මතයි. ඒ නිසා නියත ලෙසම මෙම ණයවල කොන්දේසි ඉතාම භයානක වීම වළකාලිය නොහැකියි.
පසුගිය වසරේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වුණා. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන සඳහා ඩොලර් බිලියනයක ණය මාර්ගයක් (Line of Credit) සහ දැනට මුහුණ දී ඇති ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ඛනිජ තෙල් ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක ණය මාර්ගයක් (Line of Credit)  මෙම සංචාරයේ දී ඔහු ඉල්ලා ඇත. පසුගිය සතියේ මෙරටට ලැබුණ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 වන්නේ එයයි.
එමෙන්ම ඉන්දියානු සංචිත බැංකුවේ සාර්ක් මූල්‍ය ගිවිසුම යටතේ ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකමක් (Swap) සඳහා ද සාකච්ඡාවක් මෙහි දී සිදුව තිබෙනවා. මේ අනුව ඛසබැ දf ක්‍රුාසඑ හරහා මෙලෙස ලබා ගැනීමට යන මුළු ණය මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් බව පැහැදිලියි. මේ මුදලම ලබා ගත්ත ද අපට ප්‍රමාණවත් වන්නේ මසකට අවශ්‍ය වන ආනයන සඳහා පමණයි. එබැවින්, මෙවැනි Line of Credit නැවත නැවතත් ආරම්භ කිරීමට සිදු වීම වැළැක්විය නොහැකියි. ඒ නිසා අප සිතනවාට වඩා මෙම තත්ත්වය ඉතා බැරෑරුම් අඩියකයි පවතින්නේ.
විදේශ විනිමය ඉපැයීමට අදාළව කිසිදු සාධනීය කාර්යයක් සිදු නොකර මෙලෙස බේබදු තාත්තකුගේ භූමිකාව ආණ්ඩුව ඉටු කරමින් සිටීම මෙරට ජනතාව නිවැරැදි ලෙස තේරුම්ගෙන ඇත් දැයි බරපතළ සැකයක් පැනනඟී. නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා සිදු කළ රාජාසන කතාවේ ද මෙම අභියෝගය පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීමෙන් රට කරවන ඔවුන්ට ද මේ ගැන අවබෝධයක් නොමැති බව මනාව තහවුරු කෙරෙනවා. ●
 

අනුහස් බණ්ඩාර

 
 

Previous articleඅතුරුදන් කර වසර 12 යි, සිය සැමියා වෙනුවෙන් සන්ධ්‍යා එක්නැළිගොඩ හිස මුඩු කරයි
Next articleමහ බැංකු ඉතිහාසයේ අච්චු ගැසූ මුළු මුදල මෙන් 20 ගුණයක් මාස 25 ට අච්චු ගහලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here