යුක්රේනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික අතපෙවීම…

39

යුක්රේනය සම්බන්ධයෙන් පවතින ගැටුමේ තත්වයන් පිළිබදව දිගින් දිගටම කතා කිරීමට එක්සත් ජනපද සහ රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සිකුරාදා (21) එකඟ විය. කෙසේ වුවද මෙම සාකච්ජා අතරවාරයේත් මොස්කව් දේශසීමාවේ දස දහස් ගනනක් හමුදා භටයන් රැස් කර ඇති අතර එක්සත් ජනපදයද කියෙව් (Kyiv) වෙත ආයුධ සැපයීම වේගවත් කර ඇති බව දැකගැනීමට හැකිවේ.
යුක්රේනය තුළ ආක්‍රමණයක් ඇතිවීම පිලිබඳ භීතියත් ඉහල ගොස් ඇති අතර, ඉතා ඉහල සහ නොසැලකිලිමත් ලෙස පෙනෙන විසඳිය නොහැකි ඉල්ලීම්ද අර්බුදය තවත් උච්ච කරයි. මෙය අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් (Antony Blinken) සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Sergey Lavrov) ජිනීවා හිදී විනාඩි 90 ක පමණ කාලයක් මුණගැසුණේ “විවේචනාත්මක මොහොතක” යැයිද ඇමරිකානු ලේකම්වරයා මාධ්‍යයට පවසා තිබේ. තවද මෙය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම වූයේ “සාකච්ජාව තුළ අපේක්‍ෂාවන් අඩු වූ අතර, කිසිදු පෙරළියක් එහිදී නොවීම බවයි”.
බ්ලින්කන් මහතා ලැව්රොව්ට පැවසුවේ එක්සත් ජනපදය මොස්කව්හි යෝජනා වලට රුසියාවට ලිඛිත ප්‍රතිචාරයක් ලබන සතියේ ලබා දෙන බවත්, ඉන් ටික කලකට පසු දෙදෙනාම නැවත හමුවනු ඇතැයි යෝජනා කළ බවත්, මෙම හේතුවෙන් ඕනෑම ආක්‍රමණයක් අවම වශයෙන් තවත් දින කිහිපයක් වුවද ප්‍රමාද වනු ඇතැයි යම් බලාපොරොත්තුවක් ලබාදිය හැකි බවත්ය.
තවද “අද කිසිදු ප්‍රධාන ජයග්‍රහණයක් සිදුවනු ඇතැයි අපි අපේක්ෂා නොකළෙමු, නමුත් අපි දැන් එකිනෙකාගේ ස්ථාවරයන් අවබෝධ කර ගැනීම සඳහා වඩාත් පැහැදිලි මාවතක සිටින බව මම විශ්වාස කරමි” යනුවෙන් බ්ලින්කන් මහතා රැස්වීමෙන් පසුව මාධ්‍යයට පැවසීය.
පසුගිය සිකුරාදා(21) පැවති සාකච්ජා වලදී පුනරුච්චාරණය කරන ලද රුසියාවේ වඩාත්ම වැදගත් ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමේදී එක්සත් ජනපදය සහ එම පාර්ෂවයන් අධිෂ්ඨානශීලීව සිටින බව බ්ලින්කන් මහතා තවදුරටත් පැවසීය. ප්‍රතික්ෂේප වූ ඉල්ලීම් අතර යුක්රේනය කිසි විටෙකත් සාමාජිකයෙකු ලෙස එකතුකර නොගන්නා බවටත්, රුසියානු දේශසීමා අසල සන්ධාන ආයුධ නොයවන බවටත්, මධ්‍යම හා නැගෙනහිර යුරෝපයෙන් සිය හමුදා ආපසු ඇද ගන්නා බවටත් නේටෝව පොරොන්දු කරවා ගැනීමට මොස්කව්වල ඉල්ලීම් අතර වූහ.
කෙසේවුවද යුක්රේනය ආක්‍රමණය කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවට රුසියාවේ අවධාරනය ලැව්රොව් මහතා පුනරුච්චාරණය කළ නමුත් එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් එය ඒත්තු නොගත් බව බ්ලින්කන් මහතා පවසා තිබේ. එම නිසාම ඔහු කියා සිටියේ රුසියාවට තම මතය ඔප්පු කිරීමට අවශ්‍ය නම් යුක්‍රේන දේශසීමාවෙන් සිය හමුදා ඉවත් කළ යුතු බවයි.
මේ වන විටත් ඇස්තමේන්තු කර ඇති පරිදි රුසියානු හමුදා 100,000ක් යුක්රේනය ආසන්න ප්‍රදේශවලට යවා ඇති අතර තවත් පිරිසක් අසල්වැසි බෙලාරූස් (Belarus) සමඟ පුහුණු අභ්‍යාස සඳහා ගමන් කරමින් සිටින බවත් වොෂින්ටන් වාර්තා පෙන්වා දෙයි. “යුක්රේනයේ ඉදිරි පෙළ ආරක්ෂකයින් සඳහා පතොරම් ඇතුළුව පවුම් 200,000 කට ආසන්න මාරක ආධාර” සමඟ එක්සත් ජනපදයෙන් සපයා ඇති බව එම ආධාර නැව්ගත කිරීමක ඡායාරූප Kyiv හි එක්සත් ජනපද තානාපති කාර්යාල ට්වීටර් ඔස්සේ මුදාහැර ඇතිබවද වාර්තාවේ.
යුක්රේනය දැනටමත් ගැටුම් වලින් වට වී ඇත. රුසියාව 2014 දී යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයේ පාලනය අල්ලා ගත් අතර 14,000ක් මරා දැමූ නමුත් බොහෝ දුරට ඇනහිට ඇති ගැටුමක කොටසක් වන නැගෙනහිර යුක්රේනයේ බෙදුම්වාදී කැරැල්ලකට සහාය දුන්නේය. එම පියවරයන් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සීමිත ජාත්‍යන්තර ප්‍රතිවිපාකවලට මුහුණ දුන්හ. නමුත් බටහිරයන් පවසන්නේ නව ආක්‍රමණයක් පෙරට වඩා වෙනස් වනු ඇති බවයි.
– Ashoka Peiris – (CSNA)

Previous articleපරාරෝපිත මනුෂ්‍යාත්මයේ ජීවිත මොහොත පිළිබඳ අවදිමත් ම කවියා: රෝහණ පොතුලියද්ද
Next articleඅතුරුදන් කර වසර 12 යි, සිය සැමියා වෙනුවෙන් සන්ධ්‍යා එක්නැළිගොඩ හිස මුඩු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here