“අපේ රට තුළ මේ ප්‍රශ්නය විසඳ ගන්න බෑ. ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙන විසඳුමක් නෑ”

18

දින 1000 පිරුණු අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නොමැති බව මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව විසින් සංවිධානය කළ සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමින් කාදිනල් රංජිත් හිමියන් මේ අදහස් පළකළේය.
දින දහසක් පුරාවට දේශීය වශයෙන්ම කිසිවක් සිදු නොවීම සහ නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා නොබලන වටපිටාවක් තුළ ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නොමැති බවයි කාදිනල් හිමිපාණන් මෙහිදී පැවසීය.
”මේ කාලය තුළ අපි පුළුවන්තරම් උත්සාහා කළා. අපේ රට තුළ මේ ප්‍රශ්නය විසඳලා අපේ ජනතාවට යුක්තිය ඉටු කරන්න. හැබැයි ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට හා එක්සත් ජාතීන්ගේ සංවිදානයට යනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ. අපි මේ ගැන සකලා බලනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නෙවෙයි අපිත් සමඟ සම්බන්ධතා තියෙන බලවත් රටවල්වලටත් යනවා. අපි ඒ රටවල්වට බලපෑම් කරනවා කතෝලික පල්ලිය ඇවිල්ලා ජාත්‍යන්තර සංවිධානයක්. අපිට ලෝකේ පුරා සම්බන්දතා තියෙනවා.
අගරදගුරු කෙනෙක් හැටියට මට බලවත් රටවල්වල තවත් සහෝදර අගරදගුරුවරු ඉන්නවා. ඒ නිසා අපිට ඒක කරන්න පුළුවන්. අපි බලාපොරොත්තුවක් තිබ්බා මේකට දේශීය වශයෙන් පිළිතුරක් හොයාගන්න නමුත් ඒක කෙරුනේ නැහැ. අපිට පේනවා දේශිය වශයෙන්ම මේක කිසිවක් වෙන්නේ නෑ. නීතිපතිවරයා යටතේ ක්‍රියාත්මකවන නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා බලන්නේ නැහැ. ඒක නිසා අපි ජාත්‍යන්තරයට යනවා ඇරෙන්න කිසි විසඳුමක් නෑ”
මෙම සාකච්ඡාව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර තුසිත සෝලංගආරච්චි පියතුමා සහ කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අදහස් පළ කළහ.

Previous articleඋදය ගමාච්චි කාටූන් – 2022.01.23
Next articleපරාරෝපිත මනුෂ්‍යාත්මයේ ජීවිත මොහොත පිළිබඳ අවදිමත් ම කවියා: රෝහණ පොතුලියද්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here