විසඳුම් සොයන අලි-මිනිස් ගැටුම

25

ලංකාව සුන්දර රටක් කියල අපි සෑම තැනකම සඳහන් කරනවා. ඔබත් සිතන්නේ මේ ලංකාව තුළ සුන්දරත්වය විතරක්ම තිබෙනවා කියල ද? ඔබේ හදවතින් විමසන්න. දිනෙන් දින ගත වන සෑම තත්පරයකම සිතන්නේ ප්‍රශ්න අඩු රටක්, තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන රටක් ගැන වුවත්, දකින්නට ඇත්තේ, එන්න එන්න ම ප්‍රශ්න උග්‍ර වන රටක්. එවන් ප්‍රශ්නයක් තමයි, අද ලංකාවේ බොහෝ දෙනකු මුහුණ දෙන වන අලි ප්‍රශ්නය. නිසි විසැඳුමක් කරා යොමු වීමට හරියාකාරව සැලැසුම් කොට නොමැති, දිනෙන් දින මිනිසුන් විසැඳුම් ලැබෙන තුරු ජීවිත විනාශ වීම්, දේපළ විනාශ වීම් මැද හඬනඟන ප්‍රශ්නයක් බවට මෙය පත් වී තිබේ.

අපමණ දුකක්, මහන්සියක් දරා හදා ගත්ත නිවසකට හානි සිදු වූ විට ඒ හානියට සරිලන මුදලක් ලැබෙනවා ද යන්න ගැටලු‍වක්ව පවතී. බොහෝ ප්‍රදේශවල අලි වැටවල් සකස් කර තිබුණ ද එහි අවශ්‍ය පරිදි විදුලිය තිබේ ද යන්නත් ප්‍රශ්නයක් ය.

අලි – මිනිස් ගැටුම අතීතයේ සිට ම ලංකාව තුළ පැවැත එන්නක් වේ. එයට නිසි විසැඳුම් ලබා දෙන බව පවසමින් කටයුතු කළ ද, අදටත් ඊට නිසි විසැඳුම් ලැබී නැති අසරණ මිනිස්සු බොහොමයක් සිටිති. දිනෙන් දින මේ හා සම්බන්ධ ගැටලු‍ මාධ්‍යයට වාර්තා වුව ද, මාධ්‍යයට වාර්තා නොවන සිදුවීම් ලංකාව තුළ කොතෙක් නම් තිබෙනවා ද?
අලි – මිනිස් ගැටුම් නිසා වසරක් තුළ මිනිසුන්, අලින් කී දෙනෙක් මිය යනවා ද? මේ හේතුවෙන් මිනිසුන්ගේ නිවාස හානි, වගා හානි කොතෙක් සිදුවෙනවා ද? මෙයට හේතුව කුමක් ද? ඒවා විසැඳීමට නිසි පියවර ගන්නේ කවදා ද.? මෙවැනි ප්‍රශ්න ගණනාවක්ම තිබෙන්නේ, අසරණ, අහිංසක ජනතාවගේ හිස මතයි.
ග්‍රාමීය වශයෙන් නිවෙස්වලට, වගා බිම්වලට හානි සිදුවීම් බොහෝ වන නමුත්, මේවාට  වන්දියක් නිසියාකාරව ලැබෙනවා ද යන්න ගැටලු‍වක්. අපමණ දුකක්, මහන්සියක් දරා හදා ගත්ත නිවසකට හානි සිදු වූ විට ඒ හානියට සරිලන මුදලක් ලැබෙනවා ද යන්න ගැටලු‍වක්ව පවතී. බොහෝ ප්‍රදේශවල අලි වැටවල් සකස් කර තිබුණ ද එහි අවශ්‍ය පරිදි විදුලිය තිබේ ද යන්නත් ප්‍රශ්නයක් ය.
බොහෝ විට ග්‍රාමීයව බහුලවම කෘෂිකර්මාන්තයේ නිරත වන පිරිස් ජීවත් වෙනවා. මේ නිසා එම ප්‍රදේශවලට අලින්ගේ පැමිණීමත් සිදු වෙනවා. තවත් පිරිසක් පවසන දෙයක් නම්, “වන අලින්ගේ වාසස්ථානවල නිවාස ඉදි කර ගත්තා ම ඔහොම වෙනවා” යන්නයි. එහෙත්, වන අලින්ගේ වාසභූමි මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම ගැන ඒ අය හඬක් නඟන බවක් පෙනෙන්නට නැහැ. රටක් ලෙස ජනගහනය වැඩි වීමේ දී නිවාස ඉදි වීම් වැඩි වෙනවා. සතුන්ගේ වර්ධනය නැවතී තිබෙන්නේ ද නැත. එසේ නම් වැරැද්ද මේ දෙගොල්ලන්ගේ යැයි කීම මානුෂීය නැත. අපේ වන සම්පත්, වන සතුන් මේ රටට පමණක් නොවේ මේ ලෝකයට ම ලොකු සම්පතක්. මේ දේවල් විනාශ වීමට ඉඩ නොදී ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා බලධාරීන් නිසි විසැඳුම් ලබා දීමට කඩිනම් වීමයි අවශ්‍ය  වන්නේ.
අපේ ඇස් පවා කඳුළින් තෙමෙන අලින්ට සිදු කරන අමානුෂික හිංසන දැක තිබේ. මේ දේවල් සිදු වීමට ඉඩ නොතබා අලින්ටත්, මිනිසුන්ටත් හානි නොවන පරිසරයක් අවශ්‍යයි. ඒ සඳහා පියවර ගන්නේ නම් මෙවන් දේවල් සිදු නොවන බවට සැකයක් නම් නැත.

■ වයි.බී. තිළිණි නිසංසලා

 

Previous article“අද දවසේ සිංහල කවියෙන් දෘශ්‍යමාන වෙන සියලු ම ප්‍රවණතාවයන්ගෙ ආරම්භය 70 දශකය තුළ සිද්ධ වුණා”
Next articleඋදය ගමාච්චි කාටූන් – 2022.01.23

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here