“විදුලිය කපන්නේ නෑ, නෞකා දෙකකට ඩොලර් ගෙවන්න තීරණය කළා”

8

ජනාධිපතිවරයා සමග අද(24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉදිරියේ දි විදුලිය කප්පාදුවක් නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.
මෙම සාකච්ඡාවේදී ඉන්ධන නෞකා දෙකකට ඩොලර් ගෙවීමට රජය තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේ ය.
මේ අතර බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය , ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් බිලියන 93ක ණය මුදල් ලබා දෙන ලෙස ජනපතිවරයා මහාභාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන් බවයි.
ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පැවසුවේ, “අපි විදුලිය කපන්නේ නැතුව යන්න වැඩපිළිවෙලක් ලෑස්ති කරා. විදුලිබල මණඩලයයි, තෙල් සංස්ථාවයි තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව තිබ්බේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මමත් බලශක්ති ඇමති තුමත් අවශ්‍ය නිලධාරින් හිටියා. එතැන දී ජනාධිපතිවරයා කිව්වා විදුලිය විසන්ධි නොකර යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියලා.”
අද පැයක් හෙට පැය දෙකක් විදුලිය කපන්න වන බව ඉංජිනේරුවෝ කියනවා නේදැයි ඇමතිවරයාගෙන් ඇසු විට ලොකුගේ ඇමතිවරයා පිළිතුරු දුන්නේ, “ඉංජිනේරුවෝ කියන එක නෙමෙයි. ගත්ත තීන්දුව මං ප්‍රකාශ කළේ. විදුලිබල මණ්ඩලයෙන් ඇවිල්ලා හිටපු ඉංජිනේරුවොත් ඒක පිළිඅරන් එකඟ වුණා. ඒ අයත් කිව්වා පුළුවන් කියලා.”
 

Previous articleචිත්‍රපට සංස්ථාවේ, ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරුන් පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කරයි
Next articleබොරැල්ල පල්ලියේ බෝම්බ සැලසුමේ මහමොළකරුවෝ කවරහු ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here