ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත සඳබරණ චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු අතර ඔහු විසින්එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර දින කිහිපයකට ඉහතදී එම තනතුරින් ඉවත් කළ අතර
ඊට මූලික හේතුව වූයේ හම්බන්තොට නගරාධිපති එජාර් ප්‍රනාන්දු, නිශාන්ත සඳබරණ ට එරෙහිව දැක්වූ විරෝධයයි. සඳබරණ
ලුණු සංස්ථාවේ සභාපති තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා මාරාන්තික උපවාසයක් ද ඇරඹුවේය.
මේ අතර මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු අතර ඔහුද එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ලසන්ත වික්‍රමසිංහ මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර පසුගිය 19 වනදා සිට ඔහුව එම තනතුරෙන් ඉවත් කළේය.
එසේම මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ඊට පසුදිනම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කරන රේණුක පෙරේරා පත්විය.
ලසන්ත වික්‍රමසිංහ ව ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා වශයෙන් පසුගිය 21 වනදා පත්කර තිබුණු අතර ඔහු එම ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් ඒ බව මුදල් අමාත්‍යාංශයට ද ලිඛිතව දැනුම් දී තිබේ.
Home දේශීය පුවත් චිත්‍රපට සංස්ථාවේ, ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරුන් පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කරයි