ව්‍යාපාරික / ආර්ථික ඇසට්ලයින් වෙතින් කාරක ප්‍රාග්ධන විසඳුමක් January 24, 2022 39 ව්‍යාපාරික ප්‍රජාවගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා තම නවතම මූල්‍ය විසඳුම වන Asset Draft ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ් විසින් පසුගියදා එළිදැක්වීය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති Asset Draft, බැංකු අයිරා පහසුකමකට සමාන වන අතර, මෙම ව්‍යවසායකයන්ගේ ගනුදෙනු සහ ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන චක්‍රයට අදාළ ප්‍රතිපාදන සපුරාලිය නොහැකි ස්ථාවර කාලීන ණය ලබා ගැනීමේ දී මුහුණ දීමට සිදු වන සීමාවන් ඉවත් කරමින් Asset Draft සකසා තිබේ. එය කෙටිකාලීන පමණක් නොව දිගුකාලීන, නම්ය, මුදල් ප්‍රවාහය කාර්යක්ෂම කර ගැනීමට සහ ව්‍යාපාරික අවස්ථා සාර්ථක කර ගැනීමට අරමුදල් සපයයි. අවශ්‍යතාවට ගැළපෙන, දැරිය හැකි සහ කාලෝචිත මූල්‍ය සේවා සඳහා ප්‍රවේශයක් නොමැති ගනුදෙනුකරුවන් සහ ව්‍යවසායන් සඳහා ඇසට්ලයින් හැමවිටම විසඳුම් සැපයීමට පුරෝගාමී වී ඇත●