වැලි පරයක් කැපීමෙන් පරිසර හානි රැසක් !

76

ත්‍රිකුණාමලය, නිලාවේලි වෙරළ තීරයේ එරක්කණ්ඩි කළපුවේ මෝය ආශ්‍රිත‍ වැලි පරය කපා ඉවත් කිරීම නිසා පාරිසරික ගැටලු‍ රැසක් මතුව ඇතැයි ධීවර ජනතාව පවසති.

මෙම වැලි වැටිය හේතුවෙන් කළපුව හා මුහුද අතර ස්වාභාවික බාධකයක් නිර්මාණය වී තිබූ බවත්, මෝයට උතුරු දෙසින් පිහිටි ගල්පරය ආශ්‍රිතව පිහිටා ඇති කොරල් පද්ධතියේ ආරක්ෂාව ද මෙම වැලි වැටියෙන් සැලැසී තිබු බවත් ධීවරයෝ  පෙන්වා දෙති.
මෙම වැලි වැටිය කැපීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සභාපති ප්‍රියන්ත මලවැන්න මෙසේ අදහස් දැක්වී ය:
“මේ වැලි වැටිය ඉවත් කිරීමෙන් වෙන්නේ කොරල් පද්ධතියට හානි වෙන එක. අපි ඉල්ලා සිටියා කළපුවට යාත්‍රා කරන්න පුළුවන් විදිහට අඩි විස්සක් හෝ විසිපහක් හාරලා මෝය ගැඹුරු කරලා දෙන්න කියලා. මේ වැලිවැටිය තිබුණා කියලා කිසි කටයුත්තකට බාධාවක් තිබුණේ නැහැ. ඉල්ලපු වැඩේ පැත්තකින් තියලා නිලධාරීන් වැලි වැටිය ඉවත් කරන්න අවසර දීලා.
“සංචාරකයන්ට ආකර්ෂණීය තැනක් වූ මෙම මෝය ආසන්නයේ පිහිටා තිබූ වැලි වැටිය නිසා කොරල් පරයත් ආරක්ෂා වෙලා තිබුණා. මේවා බලන්න දේශීය හා විදේශීය සංචාරකයෝ රැසක් එනවා. 1995 පෙබරවාරි 23 දිනැති අංක 859/14 දරන ජාතික පාරිසරික පනත අනුව පරිසරය ආශ්‍රිත සිදු කරන ඕනෑම කටයුත්තක දී පාරිසරික අගැයීම් වාර්තාවක් ලබා ගත යුතු වුවත්, මෙයට පාරිසරික අගැයීම් වාර්තාවක් ලබාගෙන නොමැති බව හෙළි වී තිබෙනවා.”●

 

ආර්. ජයසේන – ත්‍රිකුණාමලය.
Previous articleමොන තරම් අගේද ඔබට ආ හැකි නම්….. (27 සවස 2-4)
Next articleඇසට්ලයින් වෙතින් කාරක ප්‍රාග්ධන විසඳුමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here