අගමැති ආරක්ෂක අංශ නිලධාරියෙකුට එරෙහිව පාර්ලිමේන්තු මාධ්‍යවේදී සංගමයෙන් පැමිණිල්ලක්

17

අගමැති ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු විසින් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට බැණ වැදී අශෝභන ලෙස හැසිරුණු බවට පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පසුගිය 18දා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීම පැවැත්වෙන ස්ථානයේ පිටත මාධ්‍යවේදීන් සුපුරුදු පරිදි රැඳී සිට ඇති අතර, එම ස්ථානයට පැමිණි අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියකු අදාළ මාධ්‍යවේදීන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.
එහිදී පාර්ලිමේන්තුව වාර්තා කරන මාධ්‍යවේදීන් සඳහන් කර ඇත්තේ එම ස්ථානයෙන් ඉවත්විය නොහැකි බවත් තමන් මෙම ස්ථානයේ සිට මීට පෙර අවස්ථාවලද රැස්වීම අවසන් වී එන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවත් ය. කෙසේ වෙතත් අගමැති ආරක්ෂක නිලධාරියා මාධ්‍යවේදීන් අපහසුතාවට පත්කරමින් දිගින්-දිගටම හැසිරී ඇති අතර, සිරස ආයතනයේ මාධ්‍යවේදියාගේ හැඳුනුම්පත තමන්ට පෙන්වන ලෙසද දැනුම් දී තිබේ.
මේ අතරතුර එහි සිටි තවත් මාධ්‍යවේදියෙක් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට දුරකතනයෙන් අමතා අගමැති ආරක්ෂක නිලධාරියා මාධ්‍යවේදීන්ට බාධා කරමින් අශෝභන ලෙස හැසිරෙන ආකාරය පැහැදිලි කර තිබේ. පසුව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එම දුරකතනය අදාළ ආරක්ෂක නිලධාරියාට ලබා දෙන ලෙස දැනුම් දී තිබුණද, එම නිලධාරියා දුරකතනයද නොගෙන පවසා ඇත්තේ තමන්ට කිසිවකුගේ උපදෙස් අවශ්‍ය නැති බවයි.
අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියාගේ මෙම පිළිතුරත් සමග කෝපයට පත්ව ඇති නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වහාම එම ස්ථානයට පැමිණ පාර්ලිමේන්තුවේ වගකීම ඇත්තේ ආරක්ෂක අංශ නිලධාරීන්ට නොව තමන්ට බව සඳහන් කර ඇත.

Previous articleසීගිරිය අනතුරේ ! – තක්සේරුවක් අවශ්‍යයි : පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්
Next articleවැලිකඩ සමූහ ඝාතනයේදී තෝරාගත් රැඳවියන් මරා දැමූ බව හෙළි වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here