දැන් DPMC වර්ක්ෂොප් මඩපාත වෙතින් වෙළෙඳ වාහන සේවා සහ අලුත්වැඩියා

12
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගමක් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් පසුගියදා DPMC වර්ක්ෂොප් මඩපාත පරිශ්‍රයේ දී නඩත්තු සහ අලුත්වැඩියා සඳහා ‘වෙළෙඳ වාහන පහසුකම’ විවෘත කළේ ය. ඒ අනුව DPMC වර්ක්ෂොප් මඩපාත දැන් මිනි කැබ්ස්, බඩි ලොරි, බස්, සිංගල්/ඩබල් කැබ්ස්, ෆ්‍රීසර් ලොරි, ටිපර්, කන්ටේනර් සහ ප්‍රයිම් මුවර් ඇතුළු සියලුම වෙළෙඳ වාහන සේවා සහ අලුත්වැඩියාවන් සඳහා භාර ගැනීම සිදු කරයි.

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා විසින් DPMC වර්ක්ෂොප් මඩපාත – ‘වෙළෙඳ වාහන පහසුකම’ විවෘත කරන ලද අතර කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව පැවැති මෙම සරල උත්සවයට සමූහයේ ප්‍රධාන නිලධාරීහු සහභාගී වූහ.
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි 28 වැනි සංවත්සරය සමරමින් කේක් කැපීමේ අවස්ථාවක් ද මෙදින උත්සව අවස්ථාවට ඇතුළත් විය.
නව පහසුකම පිළිබඳව අදහස් දක්වමින්, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සේවා) චන්න රණවක මෙසේ පැවසීය : “බජාජ් වාහනවලට අමතරව සියලුම වර්ගයේ කාර් සහ SUV රථ සේවා සහ අලුත්වැඩියා කටයුතු ෘඡඵක්‍ වර්ක්ෂොප් මඩපාත පරිශ්‍රයේ ආරම්භ කර සාර්ථකව සිදු කරනවා. DPMC වර්ක්ෂොප් පුළුල් කිරීමේ උපායමාර්ගයේ කොටසක් ලෙස වෙළෙඳ වාහනවලට ද අපගේ ප්‍රවීණත්වය ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.”
තව දුරටත් රණවක පැවසුවේ, වෙළෙඳ වාහන නඩත්තු, නිතිපතා සේවා, එදිනෙදා අලුත්වැඩියාවන්, ටින්කර් සහ පේන්ට්, අනතුරු අලුත්වැඩියා, සස්පෙන්ෂන්, වායු සමීකරණ අලුත්වැඩියා, ඉලෙක්ටි්‍රකල් සහ ඉලෙක්ට්‍රොනික් අලුත්වැඩියාවන්, ග්‍රීස් ගැසීම, එන්ජින් රෙපෙයාර්, ඉන්ධන පද්ධතියේ සහ ගියර් බොක්ස් අලුත්වැඩියාවන් මෙන්ම සේදීම සහ ඇතුළත පිරිසිදු කිරීම DPMC වර්ක්ෂොප් මඩපාත පරිශ්‍රයේ දැන් සිදු කරන බවයි.
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාගමක් වන ඩී. පී. ලොජිස්ටික්ස්හි සියලුම වෙළෙඳ වාහනවලට සේවා සහ අලුත්වැඩියා ෘඡඵක්‍ වර්ක්ෂොප් මඩපාත වෙතින් සපයන අතර එමඟින් ලබා ගත් පළපුරුද්ද සහ අත්දැකීමත් සමග බාහිර වෙළෙඳ වාහන
පාරිභෝගිකයන්ට උසස් සේවාවක් සැපයීම සඳහා වෙළෙඳ වාහන පහසුකම විවෘත කරන ලදී●

පුෂ්ප එපිටකඩුව
Previous articleපාරක් හදාගන්න පාරට බැහැපු ගමක් !
Next articleසීගිරිය අනතුරේ ! – තක්සේරුවක් අවශ්‍යයි : පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here