කොන්ක්රීට් කිරීමට යෝජිත කොළොන්න, ඇරෑපෝරුව, උඩවළකඩ හරහා දිවෙන බෝගස්තැන්න පාරේ වැඩ නිම කර දෙන්නැයි ඉල්ලමින්, පසුගිය 18දා බෝගස්තැන්න හන්දියේ මහජන උද්ඝෝෂණයක් පැවැත්විණි .
කොන්ක්රීට් නොකර මාස අටක් තිස්සේ පාර මට්ටම් කර කොන්ත්රාත්කරු පලා ගොස් ඇතැයි ද, ඔවුන් සමඟ සබඳතා පවත්වන ආණ්ඩු පක්ෂයේ ප්රාදේශීය දේශපාලකයන් මෙම ප්රශ්නය මඟහැරීමට පටන්ගෙන ඇතැයි ද එම ජනතාව පවසති.
ගේඩර් යන්ත්ර යොදා මට්ටම් කරන ලද පාර වැස්සට සේදී යාම නිසා තැනින් තැන කාණු හැදී වළවල් ද, ගොඩැලි ද තිබෙන අතර, පාසල් ආරම්භ වීමෙන් පසු ඇරෑපෝරුව, උඩවළකඩ සහ බෝගස්තැන්න යන ගම්වල දරු දැරියන්ට කිලෝමීටර් තුනක්, තුනහමාරක් පමණ පයින් පාසල්වලට එන්නට සිදු වන බව ද එම ජනතාව පවසති●