OPPO INNO DAY 2021 වෙබ් අඩවියට FOTD සම්මානයක් හිමි වේ

28
OPPO INNO DAY 2021 වෙබ් අඩවියට පසුගියදා FOTD (FWA of the Day) සම්මානය හිමි විය. FOTD සම්මානය ලොව ඩිජිටල් සැලැසුම් සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රවල නිර්මාණශීලීත්වය අගැයීම සඳහා පිරිනමන ප්‍රමුඛතම සම්මානයක් ලෙස සැලැකේ. රටවල් 35කට අධික සංඛ්‍යාවක වෘත්තිකයන් 500 දෙනකුට අධික පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් FWA සම්මාන සඳහා සජීවීව ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදු කරනු ලබයි.

“සුවිශේෂී සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද OPPO  INNO DAY 2021 වැඩසටහන, චීනය තුළ අතථ්‍ය (Virtual) ආකාරයට පැවැත්වූ මෙම වර්ගයේ ප්‍රථම වැඩසටහනයි. වැඩසටහනට සහභාගී වූවන්ට පෙර නොවූවිරූ ආකාරයේ අන්තර්ක්‍රියාකාරී අත්දැකීමක් පිරිනැමීමට එම වැඩසටහන සමත් වුණා. මෙය ඉදිරියේදී අතථ්‍ය ලෝකය දියුණු වන ආකාරය පිළිබඳ පැහැදිලි පෙරනිමිත්තක් ලෙස හැඳින්විය හැකියි.” – සම්මානය පිළිබඳ FWA හේතුපාඨයේ එසේ දැක්වේ.
OPPO INNO DAY 2021 වැඩසටහන 2021 දෙසැම්බර් 14 සහ 15 දෙදින තුළ OPPO INNO WORLD හිදී පැවැත්විණි. එහි දී OPPO INNO WORLD වෙත පිවිසුණු පරිශීලකයන්ට තම Avatars කැමැති පරිදි සකස් කර ගැනීම, සජීවී විකාශයන් නැරඹීම, ඡායාරූප ගැනීම සහ OPPO Air Glass සහ OPPO Find N වැනි නවීනතම නිර්මාණ පරීක්ෂා කිරීම වැනි බොහෝ කටයුතුවල යෙදීමට අවස්ථාව උදා විය. එමෙන්ම භෞතික සීමාවන් ඉක්මවා යමින්, ලොව පුරා පුද්ගලයන් සමඟ සම්බන්ධ වී අදහස් හුවමාරු කර ගැනීමට ද පරිශීලකයන්ට හැකියාව ලැබිණි. OPPO INNO DAY 2021 වැඩසටහන අතරතුර INNO WORLD වෙත පිවිසුණු පරිශීලකයන් සංඛ්‍යාව 2,500,000කට අධික ය. INNO DAY වැඩසටහනට සීමා නොවී දිගින්දිගටම INNO WORLD වෙත පිවිස රිසි සේ අතථ්‍ය ලෝකයේ චමත්කාරය අත්විඳීමට පරිශීලකයන්ට අවස්ථාව සලසා දීමට OPPO විසින් කටයුතු කර තිබේ●

පුෂ්ප එපිටකඩුව
Previous articleභූමිතෙල් හිඟය නිසා කලාප සේවකයෝ කබලෙන් ළිපට !
Next articleපාරක් හදාගන්න පාරට බැහැපු ගමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here