තරුණ – කාන්තා නායකත්වයට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකියි – පැෆ්රල්

20

තරුණ සහ කාන්තා නායකත්වය හරහා මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි බව පැෆරල් සංවිධානය පවසයි.
ඔවුන් දැනුමෙන් හා කුසලතාවයෙන් හෙබි පිරිසක් බවට පත්කිරීමෙන් එලෙස සිදුකළ හැකි බවයි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ. පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංවීම සදහා පුහුණු පාඨමාලාවක් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදුකිරීමට පැෆරල් සංවිධානය සැලසුම් කර තිබේ.
ඒ යටතේ එම පාඨමාලාව සදහා තේරී පත් වූ කාන්තාවන් පිළිබද දේශපාලන පක්ෂවලට මෙන්ම රටට හඳුන්වාදීමේ වැඩසටහන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී විධායක අධ්‍යක්ෂවරයා මේ අදහස් පළකළේය.
එම අවස්ථාවට එක් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ මැතිවරණ සදහා ඉදිරිපත් වන කාන්තාවන්ට, කාන්තා පාර්ශවයෙන් ඡන්දය ලබාදීමේ අඩුවක් පවතින බවයි.

Previous article“මාවත් ඇමැතිකමෙන් ඉවත් කරන්න පුළුවන්”
Next articleලංකා e-paper (2022.01.23)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here