“මාවත් ඇමැතිකමෙන් ඉවත් කරන්න පුළුවන්”

11

මේ මොහොතේ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් විවේචනය කරන මැති ඇමැතිවරුන් ඉවත් කරන තත්ත්වයක් තුළ හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් කෙලින් කතා කරන තමන් ද ඉදිරියේදී වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
වර්තමාන ජනාධිපතිවරයාට දේශපාලන අත්දැකීම අඩු නිසාවෙන් ඇතැම් දේශපාලන කාරණා කල්ගොස් තේරුම් යන බව ද ඔහු සඳහන් කර තිබේ. වියතුන්ට රට ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා මුලින්ම සිතුවත් වියත්කම පමණක් රටක් ගොඩනැගීමට ප්‍රමාණවත් නොවන බව වර්තමානයේ ජනාධිපතිවරයාම සඳහන් කරන බව ඔහු අවධාරණය කර ඇත.
මේ වන විට රටේ දැවැන්ත ගෑස් අර්බුදයක් හා ගෑස් ටැංකි පිපිරීමක් ඇති වී ඇතත් එයට සෘජුවම වගකිය යුතු ගෑස් සමාගම් වල සභාපතිවරුන් එම ධූරවලින් ඉවත් නොකිරීම ප්‍රශ්න සහගත බව කියන රාජ්‍ය අමාත්‍යවරයා, එය ජනාධිපතිවරයා විසින් සිදුකරන බරපතළ වරදක් ලෙස ද පවසා තිබේ.

Previous article“අය – වැයෙන් මුකුත් දුන්නේ නෑ – ආණ්ඩුවෙන් සල්ලි බෙදුවට ගන්න බඩු නෑ”
Next articleතරුණ – කාන්තා නායකත්වයට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකියි – පැෆ්රල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here