ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දෙස බැලිය යුත්තේ බිල්ලකුගේ ස්වරූපයක් මවාගෙන නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
ශ්‍රී ලංකාව 1950 දී සිට මේ දක්වා අවස්ථා 16කදී එහි පාර්ශ්වකරුවකු ලෙස ගනුදෙනු කර ඇති බවත්, අවසන් වරට 2016 දී ඩොලර් බිලියන 1.1ක මුදලක් ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටී. එම අරමුදලෙන් ලබාගත් විශාලතම මුදල ලෙස අමාත්‍යවරයා පවසන්නේ 2008 වසරේ යුද්ධය ඉතා තීරණාත්මක අවස්ථාවකදී ලබාගත් ඩොලර් බිලියන 2.5ක ණය මුදලයි.
අරමුදලේ සාමාජික රටක් ලෙස ඉතිහාසයේත් විශ්වාසය පළුදු කරගෙන නැතැයි කී ඇමතිවරයා බිල්ලෙක්ගේ රූපයක් මවන්නේ නැතිව ඉතිහාසයට සාපේක්ෂව ඒ දෙස බැලිය යුතු බවපෙන්වා දෙයි. කෙසේ වෙතත් ඒ වෙත යෑම පිළිබඳව මෙතෙක් කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යාංශය ලෙස සාකච්ඡා කර නැතැයි ද ඇමතිවරයා පවසයි.