මහින්දයි – මෛත්‍රියි ශ්‍රීලනිපය විනාශ කළා : මම රට හැදුවා

17

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපතිනි මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු නොවන්නැයි තමන් කළ ඉල්ලීම නොසලකා කටයුතු කළ හෙයින් එසේ කළ යුතු බව හිටපු ජනාධිපතිනිය සඳහන් කර සිටී. ‘බොහොම කනගාටුයි. මම දන්නේ නෑ අඬන්නද, හිනා වෙන්නද කියලා. මම රටේ ආර්ථිකය විශාල වශයෙන් හැදුවා, යුද්ධය භයානක ලෙස පැවති අවස්ථාවක. එක්කෙනෙක් දන්නේ නැහැ අනෙක් කෙනා කියන දේ. උදේ කියන එක හවස වෙනස් වෙනවා. මහා අවුලක්.
මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි පක්ෂය විනාශ කරලා ඉවරයි. මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න එපා කියලා. අපි විනාශ වෙනවා කියලා. එහෙම කිව්වා කියලා මාව දේශපාලන මණ්ඩලයෙන් අයින් කරලා මගේ සංවිධායක ධුරයත් අයින් කළා. අපි අවුරුදු ගාණක් තිස්සේ කියපුවා දැන් එයා කියනවා.’

Previous articleමුලතිව් ක්‍රීඩිකා ”රන් දැරිය” ඉන්දුකා දේවිට උණුුසුම් සුභ පැතුම්
Next articleජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිල්ලෙක් නෙමෙයි – කැබිනට් ප්‍රකාශක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here