ICC වසරේ කණ්ඩායම් අතරට ලංකාවේ වනිඳු, දුෂ්මන්ත, දිමුත්

23

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වසරේ එක්දින කණ්ඩායම නම්කර ඇති අතර එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු නම්කර තිබේ.
මෙලෙස වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් නම්කර ඇත්තේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.
මේ අතරම අයි.සී.සී. වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම (2021) ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් අද (20) ප්‍රකාශයට පත් කිරීමේදී හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට ශ්‍රී ලංකා නායක මෙන්ම ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නද ඇතුළත් කර තිබේ.
වනිඳු හසරංග ඊයේ දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසරේ විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම (2021) ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් අද (19 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමේදී හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගද ඇතුළත් කර තිබිණි.
මේ අතර තවත් විශේෂත්වයක් වන්නේ වසරේ විස්සයි 20 කණ්ඩායමේ මෙන්ම එක්දින කණ්ඩායමේ ද නායකයා ලෙස නම්කර ඇත්තේ බාබර් අසාම් වීමයි.
වසරේ එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙසේය.
පෝල් ස්ටර්ලින්
ජනමාන් ම්ලාන්
බාබර් අසාම් (නායක)
ෆක්තාර් සමාන්
රසී වැන්ඩර් ඩුස්සන්
ෂකීබ් අල හසන්
මුශ්ෆිකුර් රහීම්
වනිඳු හසරංග
මුස්ටෆිසූර් රහමන්
සිමී සිං
දුෂ්මන්ත චමීර
අයි.සී.සී. වසරේ(2021) ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම
දිමුත් කරුණාරත්න
රෝහිත් ෂර්මා
මානස් ලැබුෂේන්
ජෝ රූට්
කේන් විලියම්සන්
ෆවඩ් අලාම්
රිෂාබ් පාන්ට්
රවිචන්ද්‍රන් අශ්වින්
කයිල් ජේමිසන්
හසන් අලී
ශහීන් අෆ්රිඩි
2020 වසරේ විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම
ජොස් බට්ලර්
මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා)
බාබර් අසාම් (නායක)
ඒඩ්න් මාක්‍රම්
මිචෙල් මාෂ්
ඩේවිඩ් මිලර්
තබ්‍රේස් ශම්සි
ජොස හේසල්වුඩ්
වනිඳු හසරංග
මුස්ටෆිසූර් රහ්මන්
ශහීන් අෆ්රිඩි

Previous article‘යක්ෂයා හා ප්‍රයිම් මෙණෙවිය’ යනු උද්වේගකර කතාන්දරයකි
Next article“මෘදුකාංගයක් භාවිතා කරලා යමක් පටිගත කරන හැම කෙනාම Sound Engineers ලා නොවෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here