සාගර විජේසිංහ ඇතුළු Opera De Ceylon කණ්ඩායම විසින් ලංකා වේදිකාවට පතිත කල “තරණ සීගිරි ඔපෙරාව” ගිය 14 වෙනි සිකුරාදා සාගරගේ ආදරණීය, සෙනෙහෙබර ඇරයුමෙන් එහි රස අලංකාරය විඳීමට අවස්තාව ලදමි.
සාගරගේ සංගීත කලාත්මක භාවිතය ගැන මට උනන්දුවක් ඇති වූයේ 2017 – 06 – 04 වෙනිදා රාවය පුවත්පත සමග ඔහු කල සම්මුඛ සාකච්ඡාව කියවුවායින් පසුවය. එතැන් පටන් සාගරගේ කලාත්මක සංගීත භාවිතය ගැන සාගරටත් හොරා මා ඔහු පසු පස ලුහු බැන්දේ ඔහු සම්බන්ධව මහත් අනාගත බලාපොරොත්තුවක් මා හද තුල පහන් සිසිලක් මෙන් දැල්වුණු නිසාය. සාගර සහ ඔහුගේ Opera De Ceylon කණ්ඩායම විසින් 2020 ජනවාරි පළමුවෙනිදා පාහීයන්ගල ගල්ලෙන් විහාර භූමියේදී පවත්වන ලද Hearing the Silence සංගීත ප්‍රසංගය ගැන 2020 – 02 – 16 වැනි ඉරිදා ලංකා පුවත්පතට “ප්රාදේශීයකරණයේ චලන රටා අතර පුරාසංගීත විද්‍යාව” නමින් මා තරමක් දීර්ග රචනාවක් කලෙමි. එතැන් පටන් සාගරගේ “තරණ සීගිරි ඔපෙරාවේ” රස භාවයන් විඳීමට මා සිටියේ මහත් නොවිසිල්ලෙනි. ඒ සා පිපාසාව ගිය 14 වෙනිදා Lionel Wendt රඟහලේදී සංසිඳුවා ගන්නට ලැබිණි. මා ලැබූ ඒ මහා කලාත්මක රසභාවය ගැන සීමිත වචන ප්‍රමාණයකින් ලියා නිම කිරීමට නොහැකිය. සාගරගේ ඒ මහා දැවැන්ත මහන්සිය සහ ශ්‍රමය ගැන දීර්ග ලියවිල්ල්ලක් නුදුරු දිනයකදී මා ඔබ අතට පත්කිරීමට බලාපොරොත්තු වන අතර සාගර ඇතුළු Opera De Ceylon කණ්ඩායමට මගේ මහත් ආදරය ගෞරවය පුද කරන අතර, මේ “සංසාර කාන්තාරයට” මහා කලාත්මක ධාරානිපාත වැසි වස්සනන්නට සාගර ඇතුළු සියළුම දෙනාට ශක්තිය, ධෛර්ය ලැබෙන්නට කියා මම මුළුආත්මයෙන්ම ප්‍රාර්ථනා කරමි
– සාලිය ඉඳුරුවිතාන