“නීලාට බරපතලම හානිය කලේ දේශපාලන පෝලියෝ රෝගයයි”

25

නීලා වික්‍රමසිංහගේ මරණය කතාබහකට ආරම්භයක් සපයා තිබේ. මට නීලා නම් ගායිකාව මුලින්ම සිතට වැදුනේ හැත්තෑව දශකයේ ගුවන් විදුලි පර්යේශන ගීයක් ලෙස ටී. එම්. සමග ගැයූ දෑතට වලලු සමගිනි. එහෙත් ඉක්මනින්ම ඇය ඒ යුග ගැයුමෙන් ඉවත් වූවා එම ගීය තනිවම ගැයුවාය. පසු කලෙක ‘මගේ ආත්මය ඔබෙන් මුදා හැර’ නම් ගීතය. එහි රචකයා ප්‍රියානන්ද විජෙසුන්දරය. සනත් ගේ මුවින් ගැයෙද්දී අපි නීලාගේ මුවින් යාලුවේ සිතින් හඬන්නෙපා මාලුවෝ තවත් සිටී ජලේ නම් ගීතයක් ඇසුවෙමු. මම ඇගේ සරල ගී වලට ප්‍රිය කල අයෙක්මි. එසේම ඒ ඉක්මවා යන මැදිහත් වීමක් පිණිස ඇයට දැක්මක්ද නොවී යයි සිතමි. ඊට හොඳම උදාහරනය මාස්ටර් සර් මය. ඇයට හඬ තිබුනද පොහොසත් දැක්මක් තිබුනේ නැත. නීලා පමනක් නොව බොහෝ කලාකරුවන්ගේ සීමාව එයයි.
අන් බොහෝ තක්කඩි පිටතින් ශුද්ධවන්තයන් සේ හිඳ තට්ටුමාරු පාලකයන්ගෙන් විවිධ වරදාන ගෙන ගේම ගසද්දි ඇය තම අදහස එලිපිට උද්වේගයන් කියා දැම්මාය. මා සිතන ආකාරයට එදා ඇය ඒ ප්‍රකාශය කල අවස්ථාවේ එහි සිටි කාටත් වුවමනාව වූවේද එයමය. ඒ කිසිවෙක් හෝ ඇගේ ඒ කථාවට අප්‍රසාදයක් පළකළේ නැත. එහෙයින් ඇය විවේචනයට ලක් කල යුතු අතරම ඇය මෙන් එලිපිට නොකියා ගේමට සෙට් වූ අනෙක් කපටින් ඊටත් වඩා විවේචනයට ලක් විය යුතුය. නීලා ගේ පෝලියෝ රෝගය ගැනද ලියා තිබෙනු මම දුටිමි. මා විශ්වාස කරන ආකාරයට ඇය ඒ දුබලතාව මැඩ තම හඬින් මතුවූවාය. සැබවින්ම ඇයට බරපතලම හානිය කලේ දේශපාලන පෝලියෝ රෝගයයි. ඇයට එය ගැන තක්සේරුවක් තිබුනා නම් කිසිවිටෙකත් අර තනතුර බාර ගන්නේ නැත. ඇය කල යුතුව තිබුනේ අවංකව කලාව වෙනුවෙන් මැදිහත් වීමයි. එහෙත් රෝහන වීරසිංහ ජනාධිපති උපදේශකයෙක් වශයෙන් තනතුරු දරද්දීත් සංගීතයට වූ දෙයක් නැති බව අපි දනිමු. කලාකරුවා කලා-කරුවක් වීමට සිය ගෙල අතින් සිඳ දෙන තුරු කවර පාලකයෙක් ආවද වන්නේ මෙයම බවට අපට උදාහරන ලොරි ගනනින් දිය හැකිය.
දැන් නීලා නික්ම ගොසිනි. එසේම ඇය ගොස් ඇත්තේ මිනිසුන්ගේ ආදරය දිනූ අතීතයක් සහ අප්‍රසාදය දිනූ වර්තමානයක්ද සමගිනි. ඒ ඇය වැපිරූ එහෙයින්ම නෙලූ අස්වැන්නයි.
අන් කලාකරුවන්ට භේදයකින් තොරව ඇගේ භාවිතාව දැන් නිවී සැනසිල්ලේ මෙනෙහි කල හැකිය. කලාව සහ දේශපාලනය නිර්වචනය කරගතහැකිය. එසේ කර කලා-කරු නොවී කලාවේ උන්නතිය වෙනුවෙන් දේශපාලනය කල හැකිය. නීලා පලමුවැන්නිය හෝ අන්තිමයා නොවේ. එහෙත් ඇය පට්ට තක්කඩි අතර තම අදහස කෙලින්ම කියා ඇනගත් කිහිප දෙනා අතර ඉදිරියෙන්ම සිටින්නීය. මට ඇය ගැන ඇත්තේ විවේචනයකි. එහෙත් අප අමතක නොකලයුතු දෙය නම් නීලාට වඩා දරුනු සිල්වතුන් සැම කඳවුරකම ඉන්නා බවය. නීලා අපට කන්නඩියක් අල්ලා ඇත. අප සියල්ලටම පලමුව එහි නීලාගේ පිලිබිඹුව නොව අපේ එක සෙවිය යුතුය. අපට එහි සැබෑ අප සොයාගත හැකිනම් එයම ප්‍රමානවත්ය. නීලාට ඉතාලියේ නොව ලාංකීය කලාවේ සැබෑ කොන්සල්වරිය වන්නට හැකිවූවා නම් කදිමය. දැන් ඇයට ඒ අවස්ථාව අහිමිය.අන් අයට එය තවම හිමිය.
– චූලානන්ද සමරනායක (fb)

Previous articleවියෝ ගී ගැයෙනා හදේ
Next articleදයා සිරිමාන්න කවි තුල අපට පංතික හැඟීම හමුවෙයි ‘අඳුරු එළිමහන’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here