හලාවත, කොක්කවිල මධ්‍යම බෙහෙත් ශාලාව මාස හයක පමණ සිට වසා දමා තිබීම හේතුවෙන් කොක්කවිල හා ඒ අවට ගම්මානවල ජනතාව වැඩි පිරිසක් දැඩි පීඩාවකට ලක්ව සිටින බව එම ජනතාව පවසති. මෙම බෙහෙත් ශාලාවෙන් දිනකට පුද්ගලයන් සියයකට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගත් බව ඔවුහු පවසති.
ඊට අමතරව ගැබිනි, ළමා සහ ළදරු සායන ඇතුළු තවත් වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් රැසක් ද මෙම බෙහෙත් ශාලාවෙන් ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.
වසර අසූවක පමණ කාලයක් මෙලෙස සාර්ථකව පවත්වාගෙන විත් ඇති මෙම බෙහෙත් ශාලාවේ මීට මාස හයකට ඉහත දී කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහනක් ද පවත්වා ඇති අතර, එහි දී සිදු වී ඇති බව කියන අක්‍රමිකතාවක් හේතුවෙන් එම බෙහෙත් ශාලාවේ සේවය කරමින් සිටි වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරු කර යැවීමත් සමඟ මෙම තත්ත්වය උදා වී තිබේ.
මේ සම්බන්ධයෙන් අවට ගම්වල ජනතාව වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගෙන් සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගෙන් ද මෙම ගැටලුව විසඳා දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් කර ඇතත්, ඊට ද ප්‍රතිචාරයක් ලැබී නොමැති බව එම ගම්වාසීහු පවසති●