කොසු ඉදල්වල බරට
ජීවන බරත් එක් කොට
ගෙන එය හිස මතට
දොරින් දොර ඇවිද
කොසු ඉදල් විකුණන
වෙළෙන්දෙකි ගේ අසල
මහලු වයසට එබෙන
ඒ දසුන දුටු විගස
ඩිප්රෙෂන් ඇන්ක්ෂයටි මඳිවාට
ස්ටේරසුත් වැඩි වුණා මට
පපු කැනැති විදගෙන
ආර්ද්‍රතාවය, නැඟී එන
යොමු කළා මා අත
සැණෙකින් පසුම්බිය වෙත
ලැබෙන තුරා මාසෙ පඩිය
කළ මනා දෙයක් නොවුණ ද,
හදවතේ දොස් පැවරුමට
ඉඩ දිය නොහේ මට
මුදාලන්නට අංශුවක බර
මිල දී ගතිමි මම
මුස්නක් ඔහු වෙතින
හැකි වේවි නම් මට
ජන දිවිය කුණු කළ
කුණුකසළ රජ කළ
අමන පාලක රැළ
පලවාහරින්නට
දී පහර කොස්සෙන්
වේය මුස්නක් මෙය
ජන පැතුම් ඉටු කළ