Bairaha Farms PLC සමාගම හඳුන්වාදුන් බ්රේල් වට්ටෝරු පොත FMCG Asia උලෙළේ දී සම්මානයට පාත්‍ර වේ

41
දශක හතරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පුරෝගාමී කුකුළු මස් නිෂ්පාදනයේ නියැළී සිටින බයිරහා ෆාම්ස් සමාගම 2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පාරිසරික, සමාජ සහ පරිපාලනමය අංශ ව්‍යාපෘතියේ නියමුවා ජයග්‍රහණය කරමින් FMCG Asia සම්මාන උලෙළේ දී ගෞරවයට පාත්‍ර විය. ඒ ශ්‍රී ලංකාවේ ජීවත් වන දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට තමන්ට තේරෙන ආකාරයෙන් කියැවීමට සහ ඉවුම් පිහුම් කිරීමට රුචිකත්වයක් ලබා දීම සඳහා ප්‍රථම වරට බ්රේල් ක්‍රමයට ලියන ලද කුකුළු මස්වලින් පිළියෙළ කළ හැකි ඉවුම් පිහුම් වට්ටෝරු පොතක් මෙරටට හඳුන්වා දීම වෙනුවෙනි.

මේ තුළින් බයිරහා ෆාම්ස් සමාගම ඔවුන්ගේ පොත ප්‍රවර්ධනය කිරීමෙන් සහ දෘශ්‍යාබාධිත පුද්ගලයන් හට මෙම පොත ලබා දීමෙන් විශිෂ්ට සමාජීය කර්තව්‍යයකට මුලපිරී ය. රට තුළ දියත් කරන ලද පළමු බ්රේල් වට්ටෝරු පොත වීමට අමතරව, දිවයින පුරා ඇති දෘශ්‍යාබාධිත පාසල් 18ටම බ්රේල් පොත් පරිත්‍යාග කරමින් මෙම ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් කරන ලදී.
පවතින්නා වූ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පාසල්වලට ගොස් පෞද්ගලිකව පොත් බෙදාහැරීමට නොහැකි වුව ද, ඒ වෙනුවට එය බ්රේල් ලිඛිත සටහන් සහිත සන්නාමගත පෙට්ටිවල අසුරා එම පාසල්වලට ප්‍රවාහනය කරන ලදී.
රට තුළ දියත් කරන ලද පළමු බ්රේල් වට්ටෝරු පොත වීමට අමතරව එයින් වඩාත් රසවත් ආකාරයකින් ආහාර පිසීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමට හැකි වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ මෙම වැඩසටහන  දියත් කළදා සිට එය ඉතා සාර්ථක වූ අතර, බයිරහා ෆාම්ස් සමාගම මෙම ව්‍යාපෘතිය තුළින් අවධානය යොමු කළේ එහි නිෂ්පාදන සමඟ රසවත් කෑම වර්ග සෑදීමේ ප්‍රතිලාභය මුළු රටේම ජනතාව භුක්ති විඳින ලෙස සහතික කර එය වඩාත් සමාජයේ සිටින සියලුම ප්‍රජා සමූහ අතර අන්තර්ගත ආකාරයකින් කෑම පිසීමේ නව ක්‍රමවේද  ප්‍රවර්ධනය කිරීමට ය●
 

Previous articleඅස්වනු අඩු වීමෙන් දෙන වන්දිය බොරුවක් ද?
Next articleනව වසර සුබ වීමට නම් ප්‍රථමයෙන් ම ආකල්ප වෙනස් කර ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here