උතුරු පළාතේ සමාජ ආර්ථික සංවර්ධනයට ඇසට්ලයින් ලීසිං අතහිත

උතුරු පළාතේ ජනජීවිතය නඟාසිටුවීම සහ ආර්ථික පුනර්ජීවය ඇති කිරීම උදෙසා ව්‍යාපෘති රැසක් පසුගිය දා ඇසට්ලයින් ලීසිං සමාගම විසින් ක්‍රියාත්මක කරන ලදී. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සේවා සමූහය වන ඇසට්ලයින් විසින් යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘති දියත් කිරීමේ අරමුණ සමස්ත උතුරු පළාතේම ජනතාවට ප්‍රතිලාභ ලබා දීමයි.

මෙම වැඩසටහනට අනුබද්ධව සිය සමූහයේ සබඳතාවලින් තව දුරටත් ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි දිගුකාලීන ඩීලර්වරයෙකු වන යාපනය, චුන්නාකම්හි C.K.  මෝටර්ස් ආයතනය ඇසට්ලයින් වාරික එකතු කිරීම සහ ව්‍යාපාර මධ්‍යස්ථානයක් ලෙස පත් කරන ලදී. C.K. මෝටර්ස් ආයතනය DPMC Certified Three-Wheelers විකිණීමේ කටයුතුවලට අමතරව ඇසට්ලයින් සමඟ නව ව්‍යාපාර ගමනක් ඇරඹූ අතර මේ සඳහා මූල්‍යමය පසුබිම සමාගම විසින් සලසා දෙනු ලැබී ය.

යාපනයේ කොකුවිල්හි ප්‍රසිද්ධ වාහන අලෙවි ආයතනයක් Jaffna Vehicle Spot නව ව්‍යාපාර අවස්ථා හඳුන්වා දීමේ නියෝජිතයකු ලෙස ඇසට්ලයින් විසින් පත් කෙරුණු අතර මේ හරහා උතුරු ප්‍රදේශයේ පාරිභෝගිකයන්ගේ මූල්‍යමය අවශ්‍යතා සලසා ගැනීමේ පහසුව තව දුරටත් වැඩිදියුණු කෙරේ. ඉදිරියේ දී Jaffna Vehicle Spot ‘රියසක්වල’ මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට සාකච්ඡා කටයුතු සිදු කරගෙන ගෙන යනු ලබන අතර රියසක්වල වෙතින් තමන්ට අවශ්‍ය වාහනය සහ ලීසිං පහසුකම් එකම වහළක් යටින් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.

තවද යාපනය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාගේ මඟපෙන්වීම යටතේ යාපනය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන මහතා ඇතුළු නිලධාරීන් විසින් ඇසට්ලයින් ලීසිං සමාගමේ අනුග්‍රහය ඇතිව රථවාහන පොලිස් නිලධාරීන්ට වැඩමුළුවක් පවත්වන ලදී.

විනයානුකූල රථවාහන කළමනාකරණයකට මඟපෙන්වන මෙම වැඩමුළුවට යාපනය ප්‍රදේශයේ පොලිස් ස්ථාන 16කට පමණ අනුයුක්තව කටයුතු කරනු ලබන රථවාහන පොලිස් නිලධාරීහු 100කට අධික පිරිසක් සහභාගී වූහ. එම නිලධාරීන් හරහා ප්‍රදේශයේ ජනතාව සහ අනෙකුත් පොලිස් නිලධාරීන් ද දැනුම්වත් කිරීම වැඩසටහනේ අරමුණ විය. මෙම වැඩසටහන සඳහා සම්පත්දායකයන් තෝරා ගැනීම කොළඹ පොලිස් මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදු විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇසට්ලයින් ලීසිංහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් ද සිල්වා මහතා පැවසුවේ, උතුරු පළාත සංවර්ධනය කිරීමේ රජයේ  සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ මඟපෙන්වීමේ සැලැසුමට අනුයුක්තව පෞද්ගලික අංශයේ වගකිව යුතු මූල්‍ය ආයතනයක් ලෙස උතුරු පළාත තුළ අපගේ ව්‍යාපෘති දියක් කෙරෙන අතර

එමඟින් පළාත සංවර්ධනය කිරීමට පමණක් නොව ජනතාවගේ සහ රටේ දියුණුව ද උදා කර දීමට තම ආයතනය බලාපොරොත්තු වන බවයි. මෙම ව්‍යාපෘතිය යටතේ ඩේවිඩ් පීරිස් සමූහයම විසින් ව්‍යාපෘති රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ද සිල්වා මහතා පැවසුවේ ය ●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

20 − seven =