පාර්ලිමේන්තු මහ ලේකම්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වෙති !

19

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව කළ නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයෙන් විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වී තිබේ.
පසුගිය 11 දා මෙසේ ඉවත් වූයේ රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන් දෙදෙනා ය. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් කේ.ඒ.රෝහණධීර විසින් මේ පෙත්සම ගොනුකර තිබිණි. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවයි.
මේ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවුණු අවස්ථාවේදී තමන් මේ පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විනිසුරුවරුන් දෙපළ දැනුම් දුන් අතර, අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වෙත යොමුකරන ලෙස නියෝග කෙරිණි.
මාධ්‍යවේදී චාමර සම්පත් විසින් තොරතුරු කොමිසමට ඉදිරිපත් කරනු ලැබූ අභියාචනයකට අනුව වත්කම් – බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ලබාදෙන ලොස තොරතුරු කොමිසම ලබාදුන් නියෝගය නීතියට පටහැනි බැවින් අදාළ නියෝගය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ පෙත්ස ගොනුකර තිබේ.
ලබන 20 දා මේ පෙත්සම යළි කැඳවීමට නියමිත ය.

Previous article“අනුරාධා මෙහි කතුන් හරහා කවර වේදිකාවක වුව පසුපසට ඇද දැමෙනා කාන්තාවන්ගේ හඬ අවදි කරන්නීය”
Next articleගොවීන් ගැන වෙන-වෙනම හොයන්න හමුදාව යොදවයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here