කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පුද්ගලික පරිශ්‍රයන් ඉදිකිරීම් භූමි ආදියෙහි නවාතැන් ගෙන සිටින සියළු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
14, 15, 16 තෙදින තුළ දී මෙය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, කොළඹ නගරයේ අපරාධ හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දුරලීමත් අරමුණු කර ගනිමින් නගරයේ තාවකාලිකව පදිංචි වී සිටින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටින පුද්ගලයන්ගේ තොරතුරු ඒකරාශී කිරීම මේ අනුව සිදු කෙරෙන බව ද එම කාර්යාලය සඳහන් කරයි.
මීට පෙර ද අවස්ථා කිහිපයකදී ග්‍රාම නිලධාරීන් මගින් සහ පොලිසිය හරහා ක්‍රියාත්මක ග්‍රාමීය ආරක්ෂක කමිටු මගින් මේ තොරතුරු රැස්කිරීම සිදු විය.