කොළඹ වාණිජ මහාධිකරණය විසින් ජය ශ්රී සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් හා රොහාන් ජයලත් යන දෙදෙනාට එරෙහිව පසුගිය 13 දා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිතාසි නිකුත් කර තිබේ.
මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සඳහන් කරන්නේ අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝනය කිරීම ඉතා බරපතළ කරුණක් බවයි.
පසුගියදා ඔවුන්ට එරෙහිව ගීත ඇල්බම් දෙකක ගීත කිහිපයක් ගායනා කිරීම, ප්රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබිණි.