බැසිල්ගේ ලිට්රෝ සභාපති පත් කිරීම ගෝඨාභය පැයෙන් රිවර්ස් කරයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ ඉවත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ කළ යෝජනාව ආපසු හැරවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පෞද්ගලිකව මැදිහත් ව ඇති බව ‘ඒෂියන් මිරර්’ අද වාර්තාකළේය.

ලි‌ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබුවේය.

කෙසේ වෙතත් තෙශාර ජයසිංහ ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා පත් කරන බවත් සදහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දෙනු ලැබීය .

කෙසේ නමුත් ඒ අනුව ජයසිංහ මහතා තවදුරටත් ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත. රේණුක පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂයේ පරිපාලන ලේකම්වරයා වන අතර බැසිල් රාජපක්‍ෂගේ හිතවාදියෙකි.

Leave A Reply

Your email address will not be published.

two × one =