කලා ශිල්පී, Sudaa Creation යු ටියුබ් නාලිකාවේ ප්‍රධානී සුදන්ත තිලකසිරි CID යට

කලා ශිල්පී සහ මෙරට ප්‍රකට Sudaa Creation යු ටියුබ් නාලිකාවේ ප්‍රධානියා වන සුදන්ත තිලකසිරි ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID ) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී තිබේ.

මේ අනුව අද (13) දින පෙ. ව. 9.30ට සුදන්ත තිලකසිරි ට පැමිණෙන ලෙස දන්වා එවා ඇත්තේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ, සමාජ මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා විසිනි.

මෙසේ සුදන්ත තිලකසිරි ට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ කොළඹ කොටුවේ, නව මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි එම කාර්යාලය වෙතයි.

සුදන්ත තිලකසිරි පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ‘අසිරිමත් මිනිසා’ ප්‍රචාරක වීඩියෝවද නිර්මාණයකළේය.
එහෙත් මේ වන විට ඔහු වර්තමාන රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග සිය සමාජ මාධ්‍ය ජාලය හරහා දැඩිව විවේචනයට ලක්කරමින් සිටියි.

 

 

Leave A Reply

Your email address will not be published.

11 − one =