“ලිවීමේ මනෝභාවය එනකම් බලන් ඉන්න එපා. ලිවීමෙන් මනෝභාවයට පත්වෙන්න”

- මාග්‍රට් ඇට්වුඩ්

සමහර වෙලාවට මම ලියන්නේ කා වෙනුවෙන්වත් නෙමෙයි. සමහරවිට ළමයි හිමේ අකුරු ලියන කොට ලියන කෙනා වෙනුවෙන් ම වෙන්න ඇති.

මම අත්නොවිඳපු බොහෝ දේවල් අත්විඳපු විදියට ලියනවා.
පරිපූර්ණ වෙනකන් මම බලාගෙන හිටිය නම් … මම වචනයක්වත් ලියන එකක් නැහැ.
ලිවීමේ ක්‍රියාවලිය තුළ නිසඟයෙන්ම අසමත් වීමේ අනුපාතයක් තියෙනවා. කුණු කූඩ බිහිවෙලා තියෙන්නේ නිකන්ම නෙමෙයි.
හැමෝම වගේ හිතනවා ලේඛකයෙක් මිනිස් මනස ගැන වැඩියෙන් දැනගෙන ඉන්න ඕන කියලා, ඒත් ඒක වැරදියි. ඒ අය දන්නේ අඩුවෙන්, ඒ නිසයි ඒ අය ලියන්නේ. අනිත් අය සුළුවෙන් තකන දේ සොයාගන්න ලේඛකයා උත්සාහ කරනවා.
ලිවීම … ඇදහිල්ලක්. ඒ වගේම ඒක බලාපොරොත්තුවේ ක්‍රියාවක් කියලත් මම විශ්වාස කරනවා. දේවල් දැන් පවතිනවාට වඩා හොඳ වෙයි කියන බලාපොරොත්තුව.
ඔබ පරිපූර්ණ මොහොත එනකම් බලන් ඉන්නව නම්. ඔබට කවදාවත්ම ලියන්න ලැබනේනේ නැහැ, මොකද ඒක කවදාවත් එන්නේ නැහැ.

වචනයකට පස්සේ වචනයක් ඊට පස්සේ තවත් වචනයක්, වචන කියන්නේ බලය.
අනිත් හැමදේම වගේ කියවීම සහ ලිවීම පුහුණුවත් එක්ක වැඩිදියුණු වෙනවා. ඒ වගේම තරුණ පාඨකයන් සහ ලේඛකයන් නැත්නම් වැඩි කල් නොගිහින් මහලු ලේඛකයන් හෝ පාඨකයන් ඉන්න එකක් නැහැ. සාක්ෂරතාව විනාස වෙයි. ඒ වගේම හැමෝම ඒක එක්ක අත්වැල් බැඳ ගනී කියලා විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදය මැරිලා යාවි.
පිට කොන්දට ව්‍යායාම කරන්න. වේදනාව අවධානය වෙන පැත්තකට යොමු කරනවා.
සංගීතය මට උගන්වපු දේ: ඔබ ඒ ගැන ගායනා කළහොත් ඔබේ සියලු ගැටලු පහව යනවා කියන කාරණය.
අලුත් පොතක රසවත් පළමු පිටු කිහිපය කියවන අහිංසක අපේක්ෂාවෙන් ඔබට ඔබේ පොත කවදාවත් කියවන්න බැහැ. මොකද ඔබයි පොත ලිව්වේ. ඔබ වේදිකාවෙන් පිටිපස්සෙයි හිටියේ. ඔබ දැක්කා කොහොමද තොප්පියට හාවෝ දැම්මේ කියලා. ඒ නිසා පොත ප්‍රකාශකයෙකුට දෙන්න කලින් ඔබේ මිතුරෙකු හෝ දෙන්නෙකුට ඒක කියවන්න දෙන්න. මේ මිත්‍රයා ඔබත් එක්ක ආදර සම්බන්ධයක පැටළුන කෙනෙක් නොවිය යුතුයි, ඔබට සම්බන්ධෙ කඩාගන්න ඕන නම් විතරක් දුන්නට කමක් නැහැ.

ලිවීමේ මනෝභාවය එනකම් බලන් ඉන්න එපා. ලිවීමෙන් මනෝභාවයට පත්වෙන්න.
මට නම් ලිවීමේ අත්දැකීම කියන්නේ පාලනය අහිමිවීමේ අත්දැකීමක්. මම හිතන්නේ ඒක හරියට හීන දකිනවා වගේ වැඩක්… නැත්නම් සර්ෆ් කරනවා වගේ වැඩක්. ඔබ එතනට ගිහින් රැල්ලක් එනකන් බලන් ඉන්නවා. ඒක ඇවිල්ලා ඔබව කොහේ හෝ අරගෙන යාවි … ඔබ දන්නෑ ඒ කොහෙට ද කියලා. ( මුරකමි ත් කියලා තිබුණ දෙයක්, ලේඛකයෙක් වෙන්න ඕන නම් අවදිවෙලා ඉද්දී හීන දකින්න කියන එක.)
– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

three + nineteen =