බලාපොරොත්තු වූවාට වඩා ඉතා වේගයෙන් තරු හැදෙන බව නව අධ්‍යයනයකින් පෙනී යයි

චීනයේ (FAST) සුපිරි දුරේක්ෂය අන්තර් තාරකා චුම්භක ක්ෂේත්‍ර පිළිබඳ විස්මිත සොයා ගැනීමක් කර ඇත. මෙය අනුව චීනයේ දැවැන්ත රේඩියෝ සුපිරි දුරේක්ෂය භාවිතා කරමින් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කලින් බලාපොරොත්තු වූවාට වඩා ඉතා වේගයෙන් තරු බිහි විය හැකි බවයි.

මේ වෙනුවෙන් Lynds 1544 නම් වූ අණුක වලාකුළක් තුළ ඇති චුම්බක ක්ෂේත්‍රය ගවේෂණය කිරීමට චීන තාරකා විද්‍යාඥයින් (FAST- Five-hundred-meter Aperture Spherical Telescope) ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂය භාවිතා කර තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 450 ක් පමණ දුරින් ටෝරස් තාරකා මණ්ඩලයේ පිහිටා ඇති ලින්ඩ්ස් 1544 තරුවක් නිපදවීමේ අද්දර දිස්වන බැවින් එය සිත් ඇදගන්නා කලාපයකි බවටද නම්කර ඇත.

තාරකා විද්‍යාඥයින් විසින් 2020 දී කුප්‍රකට ලෙස කඩා වැටීමට පෙර පුවර්ටෝ රිකෝ හි දැවැන්ත රේඩියෝ දුරේක්ෂයක් වන Arecibo Observatory භාවිතා කරමින් නව ප්‍රෝටෝ තරුව වාසය කරන වලාකුළේ ඝනතම කොටස තුළ චුම්බක ක්ෂේත්‍රය මීට පෙර මනිනු ලැබීය. ඔවුන් වලාකුළේ දාරවල තුනී ප්‍රදේශ ද විමර්ශනය කළහ. දැන්, චීනයේ (FAST) සුපිරි දුරේක්ෂය මිනුම් ඒ අතර කලාපය කෙරෙහි අවධානය යොමු කර ඇත; මෙය අනුව කලින් අතුරුදහන් වූ තොරතුරු ස්වල්පයක්ද සොයා ගෙන තිබෙන බව වාර්තාවේ.

එම ප්‍රදේශවල චුම්භක ක්ෂේත්‍රය න්‍යායික ආකෘතීන් පුරෝකථනය කරනවාට වඩා 13 ගුණයකින් දුර්වල බව මිනුම්වලින් හෙළි වූ බව පර්යේෂකයන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. එනම් කඩා වැටෙන ද්‍රව්‍යය රඳවා ගැනීමට තරම් චුම්බක ක්ෂේත්‍රය ශක්තිමත් නොවන අතර න්‍යෂ්ටික විලයනය (න්‍යෂ්ටික විලයනය යනු අපගේ සූර්යයා ඇතුළු සජීවී තාරකාවලට බලය ලබා දීමයි) කලින් බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් ඝන ද්‍රව්‍ය බෝලය තුළ දැල්වෙනු ඇත.

“සම්මත න්‍යාය ක්‍රියාත්මක වූයේ නම්, වලාකුළු ඝනත්වය 100 ගුණයකින් වැඩි වීමට ප්‍රතිරෝධය දැක්වීමට චුම්බක ක්ෂේත්‍රය වඩා ශක්තිමත් විය යුතුය. එය සිදු නොවීය.” අධ්‍යයනයට නායකත්වය දුන් FAST හි ප්‍රධාන විද්‍යාඥ Di Li, පසුගියදා Science වෙත පැවසීය. මෙම සොයාගැනීම තරු සෑදීමේ න්‍යායේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නමුත් අනෙකුත් තරු සාදන වලාකුළු මැනීමේදී ප්‍රථමයෙන් සමාන ප්‍රතිඵල ලබා දිය යුතු බව විද්‍යාඥයින් තවද අනතුරු අඟවයි.

“අනෙකුත් වායු වලාකුළු වලද මෙය එසේ බව ඔප්පු වුවහොත් තරු සෑදීමේ ප්‍රජාවට එය විප්ලවීය වනු ඇත” පර්යේෂණයට සම්බන්ධ නොවූ පිටසක්වල භෞතික විද්‍යාව සඳහා වූ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ Paola Caselli මෙසේ පසුගියදා Science වෙත පැවසීය. තවද “පුවත් පතේ මූලික වශයෙන් පවසන්නේ ගුරුත්වාකර්ෂණය වලාකුළ තුළ ජය ගන්නා බවයි. එමෙන්ම තරු හැදෙන්න පටන්ගන්නේ එතැනින් මිස ඝන හරයේ නොවේය යන්නයි”. එය ඉතා විශාල ප්‍රකාශයක් බව Science පෙන්වා දෙන්නේය.
Space ඇසුරෙන් ටෙරේසා පුල්ටරෝවා විසිනි.

පරිවර්තනය: Ashoka Peiris-(CSNA)

Leave A Reply

Your email address will not be published.

fifteen − five =