මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කාන්තාවක් එම ගොඩනැඟිල්ලේ පස් වැනි මහලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එම කාන්තාව මෙලෙස CID ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානි කර ගැනීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නො මැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.