OPPO 2021 සාර්ථකව නිම කරයි

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථන හා උපාංග සන්නාමයක් වන OPPO, 2021 වසර බෙහෙවින් අභියෝගකාරී වසරක් වුව ද, එම වසර තුළ නව නිර්මාණ රැසක් හඳුන්වා දෙමින් සාර්ථක ලෙස ඉදිරියට යාමට තමන්ට හැකියාව ලැබුණු බව පවසයි. 2021 වසරේදී OPPO සිය 17 වන සංවත්සරය සැමරූ අතර, විශේෂයෙන්ම පසුගිය වසර 10ක කාලය තුළ, දුරකථන නිෂ්පාදනයෙන් ඔබ්බට යමින්, පුළුල් පරාසයක පැතිරුණු තාක්ෂණික නිෂ්පාදන හා නිර්මාණ රාශියක් හඳුන්වා දීමට OPPO සමත් වී තිබේ. 

පසුගිය වසර තුළ දී, OPPO දුරකථන මාදිලි අතර ඉහළම මාදිලියක් වන Find X3 Pro වෙනුවෙන් ‘EISA BEST PRODUCT ADVANCED SMARTPHONE 2021-2022’ සම්මානය හිමි විය. OPPO වෙත මෙම සම්මානය හිමි වූ දෙවැනි අවස්ථාව මෙයයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ OPPO සහ අබාන්ස් අතර පවතින හවුල්කාරීත්වයට පසුගිය වසරේදී වසර 5ක් සම්පූර්ණ වූ අතර, එම ගිවිසුම දෙපාර්ශ්වය විසින් තවත් වසර 3කට දීර්ඝ කරන ලදී.

පසුගිය වසරේදී OPPO සමාගම ශ්‍රී ලංකාව තුළ අත්පත් කර ගත් ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, XINDA Lanka (OPPO Sri Lanka) ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසී ය: “ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් OPPO වෙත දක්වන සහයෝගය හා ළැදියාව සම්බන්ධයෙන් මා ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. නවීන තාක්ෂණය සියලුම දෙනාට පහසුවෙන් හා සහනදායී ලෙස ලබා ගැනීමට අවස්ථාව සලසා දීම ඉලක්ක කර ගත් අපගේ දැක්මට සමගාමීව, 2022 වසරේ දී මීටත් වඩා විශිෂ්ට නිෂ්පාදන හා සේවාවන් එකතුවක් ඔවුන් වෙත පිරිනැමීමට අප සූදානම්.”

නව වසර ආරම්භයේ දී නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට OPPO සූදානමින් සිටින බවත්, එම නිෂ්පාදනවලට ද පාරිභෝගිකයන් වෙතින් සුපුරුදු පරිදි උණුසුම් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් බොබ් ලී මහතා වැඩි දුරටත් පැවසී ය.

2021 වසර තුළදී, Real-time spatial computing තාක්ෂණය පදනම් කර ගත් AR යෙදුමක් වන CybeReal, නවතම Under Screen Camera (USC) තාක්ෂණය, Android 12 පදනම් කර ගත් මුල්ම මෙහෙයුම් පද්ධතිවලින් එකක් වන ColorOS12, NPU MariSilicon X, OPPO නිර්මාණයක් වන Spark Micro Projector පදනම් කර ගත් සහ diffraction optical waveguide display සහිත OPPO Air Glass වැනි නිෂ්පාදන රාශියක් හඳුන්වා දීමට OPPO සමත් විය●

Leave A Reply

Your email address will not be published.

3 × 4 =