Viber සිය ඉලක්කගත පරිශීලකයන් ප්‍රමාණය අනාවරණය කරයි

පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice)  පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයකු වන Rakuten Viber සිය Viber කාච භාවිතය පිළිබඳ විශ්ලේෂණයක ප්‍රතිඵල නිකුත් කර ඇත. පසුගිය ජුනි මාසයේ දී ඔවුහු මෙම විශේෂාංගය හඳුන්වා දී මාස කිහිපයක් පුරා එය ප්‍රධාන වෙළෙඳපොළවල් වෙත නිකුත් කළහ. කාච හඳුන්වා දුන් පළමු අවස්ථාවේ සිට මිලියන 7.3කට අධික පරිශීලකයෝ පින්තූර, වීඩියෝ සඳහා කාච භාවිත කර ඇත. මිලියන 5.6කට අධික පරිශීලකයෝ ප්‍රමාණයක් මෙම යෙදුම තුළ තමන්ට අවශ්‍ය භාවිත මාධ්‍ය ග්‍රහණය කිරීම් මිලියන 51.8කට වඩා ජනනය කර ඇත.

Viber හි මාසික ක්‍රියාකාරී පරිශීලකයන්ගෙන් 46%ක් කාන්තාවන් වන අතර, ඉන් කාච භාවිත කරනු ලබන ප්‍රතිශතය 56%කි. ඒ මඟින් කාන්තාවන්ගේ AR කාච භාවිතය ඉහළ යාමට වැඩි ඉඩක් ඇති බව එම දත්ත වාර්තා සඳහන් කරයි. භාවිත මාධ්‍ය ග්‍රහණය කර යැවීමට පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවෝ වැඩි උනන්දුවක් දක්වා ඇත. කාච භාවිත කරන කාන්තාවන්ගෙන් 59%ක් භාවිත මාධ්‍ය ග්‍රහණය කර ගන්නා අතර, ඔවුන්ගෙන් 30%ක් එය තවත් අය වෙත යවා තිබේ. කාච භාවිත කරන පිරිමින්ගෙන් 55%ක් භාවිත මාධ්‍ය ග්‍රහණය කර ඇති අතර, ඔවුන්ගෙන් 27%ක් එය තවත් කෙනකුට යැවීමට කටයුතු කර ඇත.

දත්තවලට අනුව වැඩිපුරම භාවිත වී ඇති කාච වන්නේ කාටූන් මුහුණ, විශාල ගුග්ලි ඇස් සහ දිගු දිව සහිත රූප වන අතර, එම කාච වඩාත්ම ජනප්‍රිය කාච බවට පත්ව තිබේ. විලාසිතා සඟරා මඟින් රතු හිසකෙස් 2021 සඳහා වර්ණ ප්‍රවණතාව ලෙස හුවාදැක් වූ අතර, එම නැඹුරුව AR ෆිල්ටර වෙත පැතිර ගොස් තිබේ. රතු හිස, පරිශීලකයාට රතු හිසකෙස් ලබා දෙන කාචයක් වන අතර, එය Viber හි දෙවන වඩාත් ජනප්‍රිය කාචය විය.

මේ වන විට ලෝක වනජීවී අරමුදල සමඟ එක්ව නිර්මාණය කරන ලද ව්‍යාඝ්‍ර මුහුණ සහිත කාචය ද ඉතා ජනප්‍රිය වූ අතර, ඒ හේතුවෙන් ලෝකයේ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ කාච ලෝක වනජීවී අරමුදල වෙත පරිත්‍යාග කිරීමට ද පියවර ගෙන ඇත●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

sixteen + 19 =