චෝදනා පවත්වාගෙන යන්න බෑ – කීර්ති රත්නායක නිදහස් කරන්න : අධිකරණයේ තීරණය 21දා !

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති වෙබ්අඩවියේ මාධ්‍යවේදී කීර්ති රත්නායක ලබන ජනවාරි 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ,කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥ උපුල් කුමරප්පෙරුම ප්‍රකාශ කළේ තම සේවාදායකයාට එල්ල වී ඇති චෝදනා තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි. තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් කීර්ති රත්නායක ශේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර ඇත.
2021 අගෝස්තු 15 වැනි දින කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාවක් පවතින බවට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය හා සම්බන්ධකම් පවත්වන ඉන්දියාවේ වෙසෙන ඉන්දීය ජාතිකයෙකුගෙන් තමාට තොරතුරු ලැබුණු බව එම පෙත්සම මගින් මාධ්‍යවේදියා ප්‍රකාශ කර ඇත. එම තොරතුරෙන් තමන් මහත් භීතියට හා කම්පනයට පත් වූ බවත් වගකිවයුතු පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානියාට 2021 අගෝස්තු 12 වැනි දින වට්සැප් පණිවිඩයක් මගින් මේ බව දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පේරාදෙණිය පොලිසියෙන් කළ දැනුම්දීමකට අනුව තමන් 2021 අගෝස්තු මස 14 වැනි දින කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමිණි බවත්, එහිදී තමා කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) රැගෙන ගොස් අත්අඩංගුවේ තබාගෙන ප්‍රකාශයක් ලබා ගත් බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයා විසින් රැඳවුම් නියෝගයක් නිකුත් කළ බව අගෝස්තු 17 වැනිදා තමාට දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් පෙත්සම මගින් සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

16 + three =