රූපවාහිනී සභාපති අස් වෙයි – පුටු මාරුවකට යන්නෙ නෑලු !

රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ එම තනතුරින් පසුගිය 06දා ඉල්ලා අස් විය.
උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරන ලද්දේ පසුගිය මැයි මාසයේදී ය. මේ අනුව රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන පත්කිරීමට නියමිත බව පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විට වාර්තා විය.

රෙජිනෝල්ඩ් කුරේ විසින් රූපවාහිනි සංස්ථාවේ සේවකයන් අමතමින් කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය භාර දී රූපවාහිනී සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා විය. රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ ඉහළ නිලතල වෙනස් කිරීමට ආණ්ඩුව ගත් තීරණයට අනුව රෙජිනෝල්ඩ් කුරේ ද මාරු කළ බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ඇමැතිවරයෙක් සඳහන් කළේය.

සභාපති ධුරයෙන් නික්ම යෑමට පෙර සේවකයන් අමතා කුරේ පවසා ඇත්තේ එවැනි පුටු මාරුවකට තමන්ගේ කිසිම කැමැත්තක් නොමැති බවයි.

Leave A Reply

Your email address will not be published.

18 + one =