ලේඛකයෙක් වෙන්න නම් ඇහැරිලා ඉද්දී හීන දකින්න පුරුදු වෙන්න – හරුකි මුරකමි

  • වාසනාවන්ත ලේඛකයෙකුට තම ජීවිත කාලය තුළ නවකතා දොළහක් විතර ලියන්න පුළුවන්!

  • මම දන්නෙ නැහැ කොපමණ හොඳ පොත් ප්‍රමාණයක් මා තුළ තියෙනවද කියලා. මම බලාපොරොත්තු වෙනවා තව හතරක් හෝ පහක් තියෙයි කියලා.

*මම හිතන්නේ නැහැ මම කලාකරුවෙක් කියලා. මම නිකන් ලියන මනුස්සයෙක් විතරයි.

*මම සංගීත තැටි එකතු කරනවා. ඒ වගේම පූසොත්. දැන් නම් මගේ ගාව පූසෙක් නැහැ. ඒත් මම ඇවිදගෙන යද්දී පූසෙක්ව දැක්කොත් මට සතුටක් දැනෙනවා.

*මම පළවෙනි පොත ලියන්න ගත්තේ කුස්සියේ මේසේ උඩ තියාගෙන මහ රෑ ජාමේ. පළවෙනි පොත ලියල ඉවර කරන්න මට මාස දහයක් ගියා. ඊටපස්සේ මම ඒක ප්‍රකාශකයෙක්ට යැව්වා. ඒකට මොකක්ද සම්මානයක් ලැබුනා. ඉතින් ඒක හරියට හීනයක් වගේ. ඒක සිද්ධ වුන විදිය දැකලා මම පුදුමයට පත්වුනා.

*ජපානේ අය බලාපොරොත්තු වෙන්නේ යථාර්ථවාදී දෙයක්. ඔවුන් කැමතියි ප්‍රශ්නවලට සහ ඒවාට විසඳුම් ලැබෙනවනම්. ඒත් මගේ කතන්දරවල එහෙම දෙයක් නැහැ. මට ඕන ඒවා වෙන්න පුළුවන් හැම විදියකටම විවෘත කරලා තියන්න. මම හිතන්නේ මගේ පාඨකයෝ දන්නවා ඒ විවෘතභාවය ගැන.

*මම උදේ හතරට නැගිටිනවා. ඊටපස්සේ මම මගේ මේසේ වාඩිවෙලා කරන්නේ හීන දකින එක. පැය තුන හතරක් ගියාට පස්සේ ඒ ඇති. හවසට මම දුවනවා.

*ඔබ සිහින දකින්න ඕන හිතලා. හුඟක් අය සිහින දකින්නේ නින්දට වැටුනාම. ඒත් ලේඛකයෙක් වෙන්න නම් ඔබ සිහින දකින්න ඕන ඇහැරිලා ඉද්දී, හිතලා.

*මම හරියට ලොකු කේතලයක් වගේ. ඒක රත්වෙන්න වැඩි කාලයක් ගතවෙනවා. හැබැයි මම රත්වුනාම රත්වෙලාම ඉන්නවා.

*ජීවිතයේ තියෙන විවිධ අගයන් අතුරින් මම වැඩියෙන්ම අගය කරන්නේ නිදහස.

*ඔබ පොහොසතෙක් නම් වැදගත්ම දේ ඔබට සල්ලි ගැන හිතන්න ඕන නැති එක. සල්ලිවලින් ඔබට ගන්න පුළුවන් වටිනම දේ නම් නිදහසයි, කාලයයි.

-හරුකි මුරකමි

රශ්මික මණ්ඩාවලගේ fb පිටුවෙන්

Leave A Reply

Your email address will not be published.

five × 5 =