භානුකගෙන් වගේ Fitness බැලුවනම් 96 world cup එකේ අයිතිකාරයෝ වෙන්නේ වෙන රටක්

ආරංචියේ හැටියට නම් භානුක රාජපක්ෂට සති තුනක් ඇතුළත ෆිට්නස් ටෙස්ට් එකේදී ඔහුගේ 85ට තිබෙන Skinfold ලෙවල් එක 70ට පෙන්නුම් කරන්න ඕනි… එහෙම නොහැකි උනොත් ඔහුට ෆිට්නස් ටෙස්ට් එකෙන් අසමත් වෙන්න සිද්ධ වෙනවා… (Skinfold කියන්නේ ක්‍රීඩකයෙකුගේ ශරීරයේ ඇති මේදය තැන්පත්වීම කොපමණද කියලා බලන්න භාවිතා කරන ක්ෂේත්‍ර මැනුම් ක්‍රමයක්)

භානුක ඉල්ලලා තියෙන්නේ ජනවාරි 7 වෙනිදාට තියෙන ටෙස්ට් එකෙන් එයාට සහනයක් දීලා මාර්තු වලදී ටෙස්ට් එක තියන්න කියලයි ආරංචිය… භානුකගේ ඒ ඉල්ලීම මට හිතෙන විදියට නම් සාධාරණයි… මොකද මාස 6ක් පුරාවට නොකඩවා විවේකයක් නැතුව ක්‍රිකට් ගහලා හොඳට දක්ෂකම් පෙන්නපු ක්‍රීඩකයෙක් වෙලා ඉන්න භානුකගෙන් සති 3ක් ඇතුළත් මෙච්චර දෙයක් ඉල්ලන එක සාධාරණද කියලා අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනි… භානුක අයින්වීමට තීරණ කරන්නේ මේ ඉල්ලීමට තවම බළධාරීන්ගෙන් හරි ප්‍රතිචාරයක් ඔහුට නොලැබීම නිසා නම් එය ඔහුට කරන බළවත් අසාධාරණයක් කියලයි මට නම් හිතෙන්නේ…

ඒ වගේම ක්‍රිකට් කියන්නේ ක්‍රීඩකයෙකුගේ Fitness ම නෙවෙයි කියලයි මට නම් හිතෙන්නේ… ඒකට හොඳම උදාහරණයක් විදියට බටහිර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක Rahkeem Cornwall අරගෙන බලන්න…එයාගේ Skinfold එක හොයන්න ගියානම් මෑන්ස්ට මේ කපේදි ක්‍රිකට් ගහන්න හම්බවෙන්නෙත් නෑ… ඔය විදියට රට වෙනුවෙන් වැඩ පෙන්නන්න වෙන්නෙත් නෑ…

ඒ වගේම 96 world cup වෙනකොට එකට සෙල්ලම් කරපු අර්ජුනගේ, අසංක ගුරුසිංහගේ skinfold එක world cup එකට කළින් චෙක් කරන්න ඔය විදියේ ටාර්ගට් දුන්න නම්, දීලා test එකෙන් අසමත් වෙලා එයාලටත් ටීම් එකෙන් අයින් වෙලා ඉන්න උනානම් මේ වෙනකොටත් 96 world cup එකේ අයිතිකාරයෝ වෙන්නේ වෙන රටක්…
කොහොමින් කොහොම හරි මේ අයින් වෙන්න හදන්නේ ලෝක කුසලානයක් තියෙන අවුරුද්දක අපිට ඉන්න මුල් පෙලට වගේම මැදපෙළට ඇවිල්ලා බය නැතුව බෝලර්ස්ලට රිදෙන්න, ලස්සන බැට් කරන බැට්ස්මන් කෙනෙක් කියන එක ක්‍රිකට් බළධාරීන්ට අමතක උනොත් ඒක ලංකාවේ ක්‍රිකට් වලට කරන තවත් අසාධාරණයක්…

– ධම්මික සමරතුංග (fb)

Leave A Reply

Your email address will not be published.

4 − three =