දකුණු කොරියානු ජනාධිපති එරට බලු මස් පරිභෝජනය තහනමි කිරීමට යෝජනා කරයි

දකුණු කොරියාව තුල බල්ලන් සහ බළලුන් කුරිරු ලෙස ඝාතනය කිරීම තහනම් කිරීමට දැනටමත් නීතියක් ඇත, නමුත් පරිභෝජනයම තහනම් නොවේ. දැන් දැන් බොහෝ කොරියානුවන් බලු මස් පරිභෝජනය නොකරන අතර මෑත වසරවලදී ඒ සඳහා ඇති ඉල්ලුම අඩු වී ඇත.එහෙත් තවමත් දකුණු කොරියාවේ සෑම වසරකම සුනඛයන් දශ ලක්ෂයක් පමණ ආහාර සඳහා මරා දමන බව ගණන් බලා තිබේ.

ප්‍රසිද්ධ සුනඛ ලෝලියෙකු වන දකුණු කොරියානු ජනාධිපති මූන් ඡේ සම්පූර්ණ තහනමක් පැනවීමේ අපේක්ෂාව මතු කළ පළමු අවස්ථාව මෙයයි. ඔහු මෙම අදහස් පළ කළේ රට තුළ අතහැර දමා ඇති සතුන් ආරක්ෂා කිරීම සඳහා වන නව ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

2020 දී නීල්සන් ෆෝ හියුමන් සොසයිටි ඉන්ටර්නැෂනල් විසින් පවත්වන ලද මත විමසුමකින් හෙළි වූයේ දකුණු කොරියානුවන්ගෙන් 84% ක් කිසි විටෙකත් බලු මස් අනුභව කර නොමැති බවත් අනාගතයේදී එය අනුභව කිරීමට අවශ්‍ය නැති බවත්ය. දකුණු කොරියානුවන්ගෙන් 59% ක් බලු මස් තහනම් කිරීමට සහය දක්වන බව ද සොයා ගෙන ඇත.
මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ආසන්නයේ දී මෙම මාතෘකාව පිළිබඳ සාකච්ඡාව තීව්‍ර වීමට නියමිතය. බලු මස් තහනම් කිරීමේ හැකියාව අපේක්ෂකයන් කිහිප දෙනෙකු දැනටමත් මතු කර ඇත.

– උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

five + 20 =