පාස්කු ඉරුදින එල්ලවූ ත්රස්ත ප්රහාර මාලාවට අදාලව රිමාන්ඩ් භාරයේ පසුවූ කල්මුණේ ප්රදේශයේ පදිංචිව සිටි සැකකරුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (04) රාත්රී සැකකරු මියගොස් ඇති බව බොරැල්ල පොලිසිය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් සැකකරු නොවැම්බර් මස 23 වනදා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර සිටි ඔහු මෙලෙස මියගොස් ඇත. සැකකරු 42 හැවිරිදි වියේ පසුවූ කල්මුණේ ප්රදේශයේ පදිංචි අයෙකු බවට වාර්තා වෙයි.
බන්ධනාගාර රෝහලින් අනතුරුව නේවාසික ප්රතිකාර සඳහා සැකකරු දෙසැම්බර් මස 05 වනදා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එහි ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්රියේ මෙලෙස මියගොස් තිබේ.