ඉදිරි සති කිහිපයේදී මෙරට ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවිය හැකියි

මේ වන විට රටතුල ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බැවින් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ඔමික්‍රෝන් ආසාදිත රැල්ලක් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

දැනටමත් මෙරටින් රෝගීන් 47 දෙනෙක් හඳුනාගැනීම සිදුවී ඇත්තේද මෙරට ප්‍රභේද හඳුනාගැනීමට ඇති සීමිත හැකියාවන් තිබියදී බවත් මෙය ඩෙල්ටා ප්‍රභේදය අභිබවා පැතිරිය හැකි බවද ඔවුන් පවසයි.

මෙම අවදානම සැලකිල්ලට ගනිමින් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සහ දැනට අමතකවී ඇති නිසි සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ලේකම්, විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් යන අයගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, දැනට දින ගණනක සිට ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ සංසරණය වෙමින් පවතින වාතාවරණයක් තිබියදීත් උත්සව සමයේ කඩ සාප්පු, තැබෑරුම්, දෙසැම්බර් 31 රාත්‍රී සාද ආදිය තුළ ඇතිවූ ජන ඒකරාශී වීම් සැළකිල්ලට ගැනීමේදී දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද සඳහන් වේ.

 

 

Leave A Reply

Your email address will not be published.

three × 4 =