“දෙල්කඳ පොළේදී ගත් ලොතරැයිය මට අඳුනේ, මට ඇමතිකම් එච්චර ලොකු නෑ”

69

අද දින තමන්ව රාජ්‍ය ඇමැතිධූරයෙන් ඉවත් කිරීම තමාට ලොකු දෙයක් නොවන බවත් නීතිඥයකු වන තමා හෙට සිට අධිකරණයේ රාජකාරියට යන බවත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේම ජයන්ත ප්‍රකාශ කර තිබේ.
පසුගිය දිනක ජනතාව හමුවී දෙල්කඳ පොළේදී ගත් ලොතරැයිය තමාට ඇදුණු බවද හෙතෙම සඳහන් කළේය.
සිය අමාත්‍යාංශයේදී මාධ්‍යවලට අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මේ අදහස් පළකළේය.
“මම ඇමතිවරයෙක් වුණේ 2000 අවුරුද්දේදී ජනාධිපතිවරු තුන්දෙනෙකු යටතේ මම වැඩකරලා තියෙනවා. අද වෙනකොට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා කියලා මට ආරංචි වුණා. මට ප්‍රශ්නයක් නෑ. ඕවා ඉතින් එච්චර ලොකු දේවල් නොවෙයි. මට වෘත්තියක් තියෙනවා. ඒක තමයි නීතිඥ වෘත්තිය. මම හෙට ඉඳලා එකේ එම වෘත්තියේ කටයුතුවල යෙදෙනවා.”

Previous articleසුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කරයි
Next articleකැමූ කිසි දිනක පැරිසියට පැමිණියේ නැත. පැමිණියේ ඔහුගේ දේහයයි, ඇල්බෙයා කැමූ ගේ අවසන් දිනය ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here