“තොණ්ඩමන් දිගම්බරම් කරේ අපි හැමදාම මොනා හරි දීල රවට්පු එක.. ඒත් ආය අපි රැවටෙන්නෑ..”

“වැඩක් නෑ මහත්තයෝ කතා කරලා ….මේ රෙදි ටික විකුණගන්න පොළට ආවේ උදේ ත්‍රීවිල් එක්කට රුපියල් පන්සීයක් ගෙවාගෙන…දැන් උදේ 11 යි. තව වෙනකං එක බිස්නස් එකක් නෑ.”.. දොඩංගොල්ල , ඉලුක්පැලැස්ස වගේ දුශ්කර ගම්මාන වලට තියන එකම නගරය තමයි බල්ලකෙටුව.. මේ ජනතාව හමුවීමට ඊයෙ දින (02) පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න ප්‍රමුඛ පිරිස පැමිණීමේදී ජනතාවව දැක්වූ අදහස්.

“අපි ආසාවට තුනෙන් දෙකම දුන්නනේ මහත්තයෝ.. අපි සතුටෙන් ඉන්නේ… අනේ මේ කට ගලක උලා ගන්න තියනවනම්….
සර් මම මේ වත්තේ තලෙවර්..
ආය පොහොට්ටු අලි මොකා ආවත් මේ සැරේ සර් ල ට..
තොණ්ඩමන් දිගම්බරම් කරේ අපි හැමදාම මොනා හරි දීල රවට්පු එක..
ඒත් ආය අපි රැවටෙන්නෑ..
මේ සැරේ මොනා ලැබුනත් අපි ජේ.වී.පී එකට.”..

මද වැස්සේ හරි බල්ලකෙටුව නගරයේ සති පොළ සහ වෙලඳ සැල් වලට මෙම පිරිස ගොඩවුනේ ජීවිතය ලස්සන කරන විසඳුම් යෝජනා රැගෙන ජනතාව හමුවීමටය.
මෙහිදී අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න පැවසුවේ,

“ඒ ජනතාව හමුවීමේදී ඔවුන් කීව අදහස් තමයි පෙර සඳහන් කරලා තියෙන්නේ..
සර්… අපි හාල් කිලෝ එක බාන්නේ රුපියල් 149 ට.. අපි කොහොමද මේව විකුණන්නේ..
මේ වගේ දෙබස් වලින් කන් දෙක දෝංකාර දෙන තරමට ඔවුන්ගේ ගැටළු අපිට අහන්න ලැබුණා..
මේ අවස්ථාවට අපත් සමග..
ජ.වි.පෙ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වස්න්ත සංජීව, ජ.වි.පෙ ඇල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුබුදු ගිම්හාන, එමෙන්ම මේ සමග අලුතෙන් සම්බන්ධ වූ බල්ලකෙටුව තරුණ පිරිසද එක්වුණා..
අපට අහන්න ලැබුනේ මේ මුළු රටේම තියන දුක්ඛිත තත්වයයි. ඉතින් අප මෙය වෙනස් කරනවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් නෑ.. තිබෙන එකම විකල්පය ජාතික ජන බලවේගය පමනයි..
එන්න ඔබත් අත්වැල් බැඳගමු..
අපිත් එක්ක..
අපේ මාතෲ භූමියේ අනාගතය වෙනුවෙන්..”

Leave A Reply

Your email address will not be published.

15 − 9 =